මනුෂ්‍යත්වය බිංදුවටම වැටුණු සිදුවීම් 7ක්

මිනිසත්කම ඉහළින්ම අගයන සමාජයක පවා මනුෂ්‍යත්වය බිංදුවට වැටුණු අවස්ථා දැක ගත හැකිවීම කණගාටුවට කරුණක්. අද අපි මෙන්න වැඩ තුළින් ඔබ වෙත ගෙන එන්නේ ලෝක ඉතිහාසයේ කළු පැල්ලම් ලෙස සැලකෙන මනුෂ්‍යත්වය බිංදුවටම ඇද වැටුණු අවස්ථාවන් කිහිපයක් ගැනයි.

07 මායාකරුවන් ලෙස සලකා මරා දැමුණු මිනිසුන්ගේ කතාව.

මායාකරුවන් ලෙස සලකා මිනිසුන් මරා දැමුණේ මිනිසුන් නොදියුණු බොහෝ අතීතයේ බවයි අප අසා ඇත්තේ. නමුත් මේ අවාසනාවන්ත සිදුවීම සිදු වන්නේ 1692 සහ 1693 අතර කාලයේදීයි. ආගමික අන්තවාදය, මායාකාරී ක්‍රියාවන්හි නිරතවීම යන චෝදනාවන්ට ලක්වූ මිනිසුන් 150 දෙනෙකු ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගැනෙන අතර එයින් කාන්තාවන් 14 දෙනෙකු හා පිරිමින් 5 දෙනෙකු එල්ලා මරා දැමෙනවා.

Loading...

06. ජෙසී වොෂින්ටන් ඝාතනය.

1916 මැයි 15 දින ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැකෝ නගරයේදී වරදකරුවෙකු ඝාතනය කෙරුණා. වරදකරුවා ජෙසී වොෂින්ටන්. ඔහු කළ වරද ලුසී ෆ්‍රයර් නම් කාන්තාව දූෂණය කර මරා දැමීමයි. වරද තිබුණේ වරදකරුවාට දඬුවම් පැණවූ ස්වභාවයේයි. නගර මධ්‍යයයේ දහදහසක් පමණ වූ සෙනගක් ඉදිරියේ කණුවක ගැට ගසනු ලැබූ ජෙසී වොෂින්ටන්ගේ වෘෂණ කෝෂ ඉවත් කරනු ලැබුවේ පණ පිටින්මයි. ඉන්පසුව කණුවට තබා මහ සෙනග ඉදිරියේම ගිනිතබා ඔහුව ඝාතනය කරනු ලැබුවා. ජෙසී වොෂින්ටන් පැය දෙකක් පමණ ගිනිගොඩේ වද වේදනා විඳ මිය ගියා.

05. රෝමානු කතෝලික ලිංගික අපහරණය.

20 වැනි සහ 21 වැනි සියවස්වල රෝමානු කතෝලික පල්ලි තුළ පූජකවරුන් විසින් නිරත වුණු ලිංගික අපරාධ පිළිබඳ නඩු විභාග ගණනාවක් පැවැත්වුණා. මේ බව මුල්වරට 2002 වසරේ වොෂින්ටන් ග්ලෝබ් පුවත්පත මගින් හෙළි කෙරුණු අතර බොහෝ විට මේ පූජක වරුන්ගේ ගොදුරු බවට පත්ව තිබුණේ කුඩා දරුවන්. ආගමේ නාමයෙන් සිදුවන අපචාර බොහොමය් අදාළ ඉහළ පූජකවරුන් විසින් වසන් කර තිබුණු බව මෙහිදී හෙළි වුණා.

04. නැන්කින් සමූල ඝාතනය.

1937 දෙසැම්බර් 13 වැනිදා එවක චීන සමූහාණ්ඩුවේ අගනුවර වූ නැන්කින් (දැන් හඳුන්වන්නේ නැන්ජින් නමින්) නගරයට කඩා වැදුණු ජපාන හමුදාවන් විසින් මහා විනාශයක් සිදු කළා. 1945 වසරේ ජපානය යටත් වීමෙන් පසු වාර්තා පරීක්ෂා කිරීමේදී ආසන්න වශයෙන් ලක්ෂ තුනක පමණ ජනතාවක් ඝාතනය වී තිබුණු බවටත් අති විශාල ප්‍රමාණයක් කාන්තාවන් දූෂණයට ලක්වී තිබුණු බවටත් හෙළි වුණා.

03. හොලෝඩමෝර් ඛේදවාචකය.

1932 වසරේ යුක්‍රේන වැසියන් ආසන්න වශයෙන් මිලියන 10ක් පමණ සාගතයක් නිසා මිය ගියා. නමුත් මෙම සාගතය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් වීම අතිශයින් ඛේදනීයයි. රුසියානු රජය විසින් සැලසුම් සහගතව ඇති කරන ලද්දක් වන එය යුක්රේනියානුවන් සමූල ඝාතනය සඳහා යොදා ගත් ඉතා පහත් උපක්‍රමයක් ලෙස සැලකුණා.

02. යුදෙව් සමූල ඝාතනය.

මිනිස් ඉතිහාසයේ ඉතාම අඳුරු යුගයක් ලෙස සැලකෙන දෙවන ලෝක යුද සමයේදී ජර්මනියේ නාසි පාලකයා වන ඇඩොල්ෆ්ට් හිට්ලර් විසින් යුදෙව්වන් මිලියන 11ක් පමණ පෝලන්තයේ අවුට්ස්විෂ් වධකාගාරයේදී මරා දැමුණා.

01. යකඩ මිනී පෙට්ටියේ සිර කිරීම.

අතිශයින්ම අමානුෂික සිර ගත කිරීමක් වාර්තා වන්නේ 20 වැනි සියවසේ මුල් භාගයේ මොංගෝලියාවෙන්. එහිදී සිරකරුවන් ඉතා කුඩා මිනී පෙට්ටියක් සේ සැකසූ සිරකුටියක දමනු ලබනවා. ඔවුන්ට සිට ගැනීමට හෝ මනාව දිගඇදී සිටීමට නොහැකි ලෙසයි එය සකසා ඇත්තේ. ඔවුන්ට ආහාර සැපයුණේ එහි ඇති ඉතා කුඩා සිදුරකින්.මේ බොහෝ දෙනා ආහාර අහේනියෙන් හා විජලනයෙන් තමන්ගේ කුටිය තුළම මිය ගියා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!