කුඩා දරුවෙකුගේ උදරයේ තිබී හම්වුණු දේවල් දැක වෛද්‍යවරුන් බියට පත්වුණා

අප හැම දන්නා පරිදි වෛද්‍යවරුන් අතින් පවා වැරදීම් වන්නට ඉඩ තිබෙනවා. මේ ආකාරයේ බොහෝ වෛද්‍ය වැරදීම් පිළිබඳ ලෝකයේ පුවත් වාර්තා වී තිබෙන අතර අද අප කතා කරන්නේ විශාල උදර වේදනාවකින් පෙළුණු අවුරුදු 3ක දරුවෙකු සම්බන්ධ සිද්ධියක්.

මෙම දරුවා දෙමව්පියන් විසින් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්නේ නිරන්තරයෙන්ම පැවතුණු අධික උදර වේදනාවක් නිසායි. එහිදී නිසි පරීක්ෂාවකින් තොරවම වෛද්‍යවරයා විසින් දරුවාට වේදනා නාශක ඖෂධ නියම කරනු ලබනවා. නමුත් දරුවාගේ උදර වේදනාව අඩු නොවූ නිසා දෙමව් පියන් විසින් ඔහු රෝහල වෙත රැගෙන යන අතර පුදුමයට පත්වන වෛද්‍යවරුන් x ray පරීක්ෂණයක් සඳහා දරුවා යොමු කරවනවා. එක්ස් කිරණ පරීක්ෂණයෙන් හෙළි වන්නේ දරුවාගේ කුස තුළ අතිවිශාල ලෝහමය කොටස් ප්‍රමාණයක් රැඳී තිබෙන ආකාරයයි.

මෙහිදී ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා විසින් දරුවා වහාම ශල්‍යකර්මයකට භාජනය කරන අතර සියලු දෙනාගේම පුදුමයට හේතුවන පරිදි දරුවාගේ කුස තුළ තිබී බැටරියක්, කාන්දම් කැබලි 29ක් හා කාසියක් හමු වෙනවා.

Loading...

වෛද්‍ය විශේෂඥයාට අනුව මෙය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් වන්නේ මීට පෙර කිසිම දිනක මෙතරම් ලෝහ විශාල තොගයක් ශල්‍ය කර්මයකදී හමුවී නොමැති නිසා. ඒ අනුව අවුරුද්දක පමණ කාලයක් තිස්සේ දරුවා පුරුද්දක් ලෙස කාන්දම් කැබලි ගිලදමා ඇති බව හෙළි වෙනවා. මේවා විශාලත්වයෙන් වැඩි නිසාම බහිස්ස්‍රාවී ද්‍රව්‍ය සමග පිටවී ගොස් තිබුනේ නෑ. මෙම දරුවාගේ පවුලේ උදවිය ස්වර්ණාභරණ පෙට්ටි නිෂ්පාදනය ජීවිකාව කරගත් අය නිසා දරුවාට ලෙහෙසියෙන්ම මෙම ද්‍රව්‍ය අතමානයේ තිබී තිබුණා.

කෙසේ නමුත් ශල්‍යකර්මයෙන් අනතුරුව දරුවා සුවෙන් සිටිනවා. දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි දෙමව්පියන් වඩාත් විමසිලිමත් විය යුතු බවයි මේ මගින් අවධාරණය වන්නේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!