මේවා නිෂ්පාදනය කරන විදිය ඔබ දන්නවා නම් කිසිදිනක මිලදී ගන්නේ නම් නැහැ

අපි බොහෝ ආශාවෙන් පරිහරණය කරන ඇතැම් ආහාර වර්ග හා වෙනත් නිෂ්පාදන සකස් කරන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? මේ වීඩියෝව නැරඹූ පසු ඔබ නැවත එම ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන බව නම් හොඳටම විශ්වාසයි.

1. හොට් ඩෝග්.

කාර්ය බහුල සමාජය තුළ ඉක්මණින් ආහාරයට ගතහැකි රසවත් ආහාරයක් ලෙස හොට්ඩෝග් ප්‍රකටයි. නමුත් ඔබ දන්නවාද හොට්ඩෝග් නිෂ්පාදනය කිරීමේදී විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් එයට මුසුවන බව? එපමණක් නොවයි එහි මැද අැති සොසේජසය නිෂ්පාදනය කරන්නේ මස් පිණිස මරණ සතුන්ගෙන් ඉවතලන කොටස් යොදා බව? මේ සඳහා බොහෝ විට ඌරන්ගේ හොම්බ කොටස යොදා ගන්නවා. එපමණක් නොවෙයි බඩවැල් ආදී ඉවත ලන කොටස් සියල්ල එකට අඹරා තමයි සොසේජසය නිර්මාණය වන්නේ.

Loading...

2. සුවඳ විලවුන්.

සමාජයේ බොහෝ දෙනා විවිධාකාරයේ සුවඳ විලවුන් භාවිතයට හුරුව සිටිනවා. විවධ මල් හා පළතුරු සුවඳින් යුත් සුවඳ විලවුන් සඳහා ඇත්තටම එම ශාකසාර යොදා ගන්නවාද? ඔබ පුදුමයට පත්වෙයි. බොහෝ සුවඳ විලවුන් සඳහා මුගටියන් හා වෙනත් සත්ත්ව වර්ගවල ග්‍රන්ථින්ගෙන් ස්‍රාවය වන ද්‍රව්‍ය යොදා ගන්නා බව? ඇතැම් මිල අධික සුවඳ විලවුන් සඳහා තල්මසුන්ගෙන් ස්‍රාවය වන ඇම්බර් නම් ද්‍රව්‍යයද යොදාගනු ලබනවා.

3.වැනිලා සාරය.

අයිස්ක්‍රීම්, රසකල කිරි ආදී බොහෝ ආහාර වර්ග වලට නැතුවම බැරි දෙයක් තමයි වැනිලා රසය. ඔබ හිතන්නේ වැනිලා රසකාරකය ස්වභාවික වැනිලා ඇසුරින් සකස් කරනවා කියාද? ඔබ පුදුමයට පත්වෙයි කෘතිම වැනිලා සඳහා බීවරයන්ගේ වලිගය ආශ්‍රිතව ස්‍රාවය වන රසායන ද්‍රව්‍යයක් යොදා ගන්නා බව ඇසුවොත්. නමුත් එය භාවිතය සුරක්ෂිත බව සහතික කර තිබෙනවා.

4. රතු පැහැති රසකැවිලි වර්ග.

රතට රතේ තිබෙන ටොෆි ආදී රසකැවිලි ඉතාම ආකර්ෂණීය බව නොකියාම බැහැ. නමුත් ඒවාට යොදා ගන්නා කෘතිම වර්ණක නිසා දරුවන් තුළ අධික ක්‍රියාශීලීතාවය වැනි සංකූලතා ඇතිවන බව සොයාගෙන තිබෙනවා. එම නිසා එය වළක්වා ගැනීමට ස්වභාවිකව නිස්සාරණය කරන වර්ණක යොදා ගන්නට නිෂ්පාදකයන් පෙළඹුණා. ඔබ හිතන්නේ මේ ස්වභාවික නිස්සාරක රතු පැහැති පළතුරු වලින් ගන්නවා කියාද? ඒවා ලබා ගන්නේ කුරුමිණියෙකුගේ කීට අවස්ථාවකින් බව ඇසුවොත් ඔබ පුදුම වනවා නියතයි.

එසේ නම් මෙමෙ නිෂ්පාදන මිලදී ගන්නට පෙර මදක් සිතා බැලීම යහපත් බව පෙනේ. මේවා ගැන නොදාන්නා යටත් දැනගන්න අනිවාර්යෙන්ම ෂෙයාර් කරනත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!