වේදනාකාරී දත් කැක්කුම තත්පරෙන් නැති කරගන්න පුළුවන් විශ්මිත ක්‍රම 4ක්

දත් කැක්කුම සෑදුනු කෙනෙකුට ඇති වේදනාව වචන වලින් මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. ඕනෑම වයස් සීමාවක සිටින කෙනෙකුට මෙම ප්‍රශ්ණයට මුහුණ දීමට සිදුවනවා. එම වේදනාකාරී අද්දැකීමට මුහුණ දුන් ඔබ මෙයට ඇති ක්ෂණික විසදුම සොයමින් සිටියාද? එසේනම් එයට කදිම විසදුමක් අද අප ඔබට ගෙන එනවා. මෙමගින් වේදනාකාරී දත් කැක්කුම ක්ෂණිකව අඩු වන්නේ ඉතා පුදුමසහගත ලෙසයි. පහසුවෙන් නිවසේදීම සාදාගත හැකි මෙම දිව්‍යමය ක්‍රමයන් නිවැරදිව සාදාගන්නා ආකාරය පිලිබදව අපි දැන් බලමු.

පළමු ක්‍රමය.

දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට මෙය හදුන්වන්න පුළුවන්. දත් කැක්කුම ඇති ස්ථානයේ අයිස් කැටයක් තබන්න. එසේ කිරීමට අපහසු නම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කැබැල්ලක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් මගින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සම්පුරණයෙන්ම මගහැරී යනවා.

Loading...

දෙවන ක්‍රමය.

දෙහි කැබැල්ලක් ගෙන දත් කැක්කුම ඇති ස්ථානයේ අතුල්ලන්න. එසේත් නැතිනම් දෙහි යුෂ ස්වල්පයක් ගෙන පුළුන් කැබැල්ලක තවරා වේදනාව ඇති ස්ථානයේ ආලේප කරන්න විශාල වේදනාවක් පවා සමනය කල හැකි (සිට්‍රික් ඇසිඩ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක්‍රියා කරනු ලබන්නේ දත් වලට සහ විදුරුමස් වලට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකයක් ලෙසයි.

තුන්වන ක්‍රමය.

දත් කැක්කුමකින් වේදනා විදින ඔබ කලයුතු වන්නේ පොතු ඉවත් කරගත් ඉගුරු කැබැල්ලක් ගෙන වේදනාව ඇති දත මත තබා සැපීමයි. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගතවුණු පසු එම ස්ථානය හිරි වැටී වේදනාවද පහව යනවා. මෙසේ දතමත තබා සැපීමට අපහසු නම් ඉගුරු කැබැල්ලක් අබරාගෙන එම මිශ්‍රණය වේදනාව ඇති ස්ථනයේ ආලේප කිරීමටද පුළුවන්.

හතරවන ක්‍රමය.

වේදනාව දැනෙන ස්ථානයේ කරාබු නැටි කිහිපයක් තබාගෙන සිටීම මගින් දත් කකුම මග හරවාගන්න පුළුවන්. එසේත් නැතිනම් කරාබු නැටි තෙල් ස්වල්පයකට වතුර ටිකක් එක්කර එම සාදාගත් මිශ්‍රණයෙන් කට සේදිමෙන්ද වේදනාව සමනය කරගන්න පුළුවන්. කරාබු නැටි වල අඩංගු ප්‍රතිබැක්ටීරියා කාරක ගුණය නිසා ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!