මෙලොව ජීවත්වුණු අති දැවැන්ත සතුන් 10 දෙනෙක් මෙන්න

මෙතුවක් කාලයකට මිහිපිට සැබවින්ම ජීවත්වුණු අති දැවැන්ත සත්වයින් පිලිබදව වැඩි දෙනක් දන්නේ නම් නැහැ. අද අප ඔබව දැනුවත් කරනු ලබන්නේ මෙලොව ජීවත්වුණු විශාලතම සත්වයින් දසදෙනා පිලිබදවයි. බලන්න ඔබ දන්නා සතුන්ට වඩා කොතරම් විශාල ප්‍රමාණයේ සතුන් මිහිපිට ජීවත්ව තිබුනාද කියා.
මෙගානෙයුරා.

මෙගානෙයුරා යනු මීට වසර මිලියන 300කට එපිට මිහිමත විසූ අතිවිශාල බත්කූරෙක්. උගේ පියාපත් අතර දිග සෙන්ටිමීටර් 70ක්. මෙතෙක් සිටි විශාලතම පියාසලන කෘමියා ලෙස මෙගානෙයුරා සැලකෙනවා.

ආත්‍රොප්ලෙයුරා.

Loading...

මීටර් 2.3ක් දිග ලෝකයේ විශාලතම සන්ධිපාදිකයා තමයි මේ. වසර මිලියන 300කට එපිට ජීවත් වූ ශාක භක්ෂකයෙකු වන ආත්‍රොප්ලෙයුරා මේ තරම් විශාල වීමට හේතුව එම කාලයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීම නිසා බව විද්‍යාඥයන් පවසනවා.

ජැකෙලොප්ටරස්.

අතිවිශාල මුහුදු ගෝණුස්සෙකු වන ජැකෙලොප්ටරස් මීටර් 2.5ක දිගකින් යුක්තයි. එවක සිටි ඉහළම විලෝපිකයෙකු වූ මෙම සත්ත්වයා අදින් වසර මිලියන 390කට එපිට ජීවත් වූ සතෙක්.

ටිටැනොබෝවා.

මිහිමත විසූ විශාලතම සර්පයා වන මොහු අඩි පනහක දිගකින් හා අඩි තුනක විෂ්කම්භයකින් යුතු වුණා. එවක පැවති උණුසුම් කාලගුණික තත්ත්වය මේ සතුන්ට විශාලව වැඩෙන්නට හිතකර වූ බව පැවසෙනවා.

ස්පිනෝසෝරස්.

මීටර් 18ක දිගින් හා ටොන් දහයක බරින් යුත් මේ භයංකර සත්ත්වයා මිහිමත විසූ විශාලතම විලෝපිකයායි. වසර මිලියන 112ත් 97ත් අතර කාලයේ මොහු ජීවත් වී තිබෙනවා.

මෙගලඩොන්.

වර්තමාන සුදු මෝරාට සමාන නමුත් ඊට වඩා අතිවිශාල සත්ත්වයෙක් වන මෙගලඩොන් අදින් වසර මිලියන 28කට පමණ පෙර මුහුදේ ජීවත් වී තිබෙනවා. අඩි 66ක් තරම් විශාල දිගකින් මේ සත්වයා සමන්විතයි.

ලීඩ්සිච්තිස් ප්‍රෝබ්ල්මැටිකස්.

මේ ලෝකයේ මෙතෙක් සිටි විශාලතම අස්ථිමය මාළුවායි. මීටර් 35ක් තරම් දිගකට වැඩෙන මේ සත්ත්වයා වසර මිලියන 170කට එපිට ජීවත් වූවෙක්.

පැරසෙරතෙරියම්.

මිහිමත සිටි විශාලතම ගොඩබිම් වාසී ක්ෂීරපායී සත්ත්වයායි. ටොන් විස්සක් බරින්ද මීටර් 4.8ක් උසින් හා දිගින් මීටර් 8ක් වන මොහු වර්තමාන අප්‍රිකානු අලින්ට වඩා තුන්ගුණයක් බරයි. වර්තමාන රයිනෝසිරස්ට මද සමානකමක් දක්වන මොහු ශාක භක්ෂකයෙක්. වසර මිලියන 37කට පමණ පෙර දිවි ගෙවා තිබෙනවා.

ක්වෙට්සල්කෝට්ලස්.
විශාලතම පියාසර කළ හැකි සත්වයා වන්නේ ක්වෙට්සල්කෝට්ලස් නමින් හැඳින්වෙන මීටර් 15.9 ක් උස හා කිලෝ 250ක් බරින් යුතු මේ අසාමාන්‍ය සත්වයායි. වසර මිලියන 65කට පෙර අතීතයේ ජීවත් වූ බව සැලකෙනවා.

නිල් තල්මසා.

දැනට ජීවත් වන විශාලතම සත්වයා වන්නේ නිල් තල්මසායි. මීටර් 30ක් දිගින් වැඩෙන නිල් තල්මසා ටොන් 180ක් බරින් යුක්ත වනවා. වඳවී යාමට ඉතා ආසන්න තත්ත්වයකයි ඔහු සිටින්නේ.

ඇම්ෆිසෝලියස් ෆ්‍රැජිලිමස්.

එතෙක් මෙතෙක් මිහිමත විසූ දැවැන්තම සත්ත්වයා වන්නේ මොහුයි. මීටර් 58ක් දිගින් යුතු මේ සත්ත්වයා ටොන් 122ක් බරින් යුතු වුණා. අදින් වසර මිලියන 150කට ඉහත විසූ සත්ත්වයෙක්.

මිහිපිට විසු අති දැවැන්ත මෙම සත්වයන් පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද? ඒ පිලිබදව ඔබගේ වටිනා අදහස් කමෙන්ට් එකකින් අපට කියන්න. මේ ගැන නොදන්නා යටත් දැනගන්න ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!