සුපිරි හැකියාවන් තිබෙන හිමිවරුන්ගේ ක්‍රියාවන් ඔබ මවිත කරාවී

උණු තෙල් කටාරම බැස සිටින්නට ඔබට පුළුවන්ද? එසේත් නැත්නම් දිය මත ඇවිදින්නට? ඔබට පිස්සුදැයි ඔබ මගෙන් අසාවි. නමුත් එසේ අසාමාන්‍ය හැකියාවන් ඇති මිනිසුන් ලොව වෙසෙන බව ඔබ දැන සිටියාද? චීනයේ ෂවොලින් ආරාමයේ හිමිවරුන්ට නම් මේවා ඉතාම සුළු දේවල්. හොඳයි අපි බලමු එම හිමිවරුන්ගේ අසාමාන්‍ය හැකියාවන් ගැන.

සාමාන්‍යයෙන් අපට පුෂ්අප් ව්‍යායාම කල හැකි සීමාවක් තියනවා. නමුත් ෂවොලින් ආරාමයේ හිමිවරුන්ට නම් එහෙම සීමාවක් නෑ. ඔවුන් ඇතැම් විට ඇඟිලි දෙකකට මුළු සිරුරේම බර දී පුෂප් ව්‍යායාම වල යෙදෙනවා. ෂී ලිලැන්ග් හිමියන්ට නම් එම ව්‍යායාමයේ යෙදෙන්නට එක ඇඟිල්ලකුත් ඇති.

තායිලන්තයේ වැඩ වසන මේ ස්වාමින් වහන්සේ උතුරන තෙල් තටාකයක බැස භාවනාවේ යෙදෙන දසුනකුයි මේ. ප්‍රබල මානසික ශක්තියත්, උන්වන්සේ ලද පුහුණුවත් නිසා එය උන්වන්සේට නම් එතරම් දෙයක් නොවෙයි.

Loading...

ගුරුත්වය ඉක්මවා යමින් බිත්ති දිගේ හරහට ගමන් කරන මිනිසුන් ඔබ දැක තිබේද? ෂැවොලින් ආරාමයේ සටන් පුහුණුවන හිමිවරුන්ට නම් එය ඉතා පහසු කටයුත්තක්. බිත්ති මත දිවෙමින් සටන් හරඹයේ යෙදෙන හිමිවරුන් එහිදී ඔබට සුලබව දැක ගත හැකියි.

දියමත ගමන් කිරීම අපට නම් හිතා ගන්නට වත් නොහැකි කටයුත්තක්. නමුත් පෙර කී ෂී ලිලැන්ග් හිමියන් දිය මත දැමූ තුනී ප්ලයිවුඩ් ලෑලි මත විශ්වාස කල නොහැකි තරම් සමබර තාවයකින් හා වේගයකින් දුව යමින් දස්කම් දැක්වූවා. එලෙස උන්වහන්සේ ගමන් කල දුර මීටර් 125ක්.

සාමාන්‍ය මිනිසුන්ට සිතීමට වත් නොහැකි කඳු ගැට කෙළවර අධික ශීතලයේ භාවනා කිරීම, බෙල්ලෙන් එල්ලී භාවනා කිරීම ආදී ක්‍රියාකාරකම් ෂැවොලින් පන්සලේ හිමිවරුන් නිතර සිදු කරනවා. ඒ ඔවුන් ලබා ඇති දියුණු ශාරීරික හා මානසික පුහුණුව නිසා.

අතින් වෙඩි තබන්නට ඔබට හැකිද? මේ ස්වාමින් වහන්සේට නම් පුළුවන්. උන්වහන්සේ වීදුරු පලකයක් හරහා ඉතා කුඩා සිදුරක් පමණක් සෑදෙන සේ ඉඳිකටුවක් විසිකරන්නට සමත් වුණා. ජර්මන් ටීවී වැඩසටහනකට අනුව එය කරන්නට නම් පැයට කිලෝමීටර් 150ක වේගයෙන් හරි කෙළින් ඉඳිකටුව විසි කල යුතුයි.

වෘෂණ කෝෂ වලින් කොටයක් ඇද ගෙන යන්නට සමත් ස්වාමින් වහන්සේ නමක් ෂැවොලින් ආරාමයේ වැඩ සිටිනවා. එපමණක් නොවෙයි වෘෂණ වෙත එල්ල වෙන දැඩි පහරක් පවා දරා ගන්නට උන්වන්සේට පුළුවනි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!