මිනිත්තු 5න් දත් සුදු කරගන්න අපුරු ආලේපනයක් මෙන්න

දත් කහ පැහැයට හැරී තිබීම, දත්වල මැලියම් බැදීම බොහෝ දෙනාට පොදුවේ ඇතිවන ප්‍රශ්නයක්. මුඛයේ ඇතිවන බොහොමයක් ගැටළු සදහා අපගේ නොසැලකිලිමත් බව ප්‍රධාන වන බව ඔබ දන්නවාද? නිරෝගී දත් දෙපළකට පෝෂ්‍යදායී ආහාර ගත යුතු වනවා. කැල්සියම් මෙන්ම විටමින් A, C, හා D ඇතුළත් සමබර ආහාර වේලක් ගැනීම ළදරු කාලයේ පටන් දත්වල වර්ධනයටත් ඉන්පසු ස්ථිර දත් ඒමටත් දායක වෙනවා. හොඳ ආහාර ගැනීමේ පුරුදු නිරෝගී දත් පෙළක් සඳහා උපකාරී වන නමුත් සීනි අඩංගු ආහාර නම් වැඩිපුර ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එය දත්වල කුහර සෑදීමේ අවදානම වැඩි කරනවා මෙන්ම දත් දිරායාමටද හේතු වනවා.

දත් දිරා යෑමට මූලික හේතුව වන්නේ දතේ බැඳෙන මැලියම්. මැලියම් සෑදෙන්නේ විශේෂ බැක්ටීරියා වර්ග වලින් හා දතේ රැඳෙන ආහාර කැබලි වලිනුයි. ඒවා නිසියාකාරව ඉවත් නොවීමෙන් දත් කහ පැහැයට හැරීම, දත්වල කුහර ඇතිවීම වැනි ගැටළු හට ගන්නවා. අද අප මෙන්න මේ සියලුම ගැටළු වලට සාර්ථක විසදුමක් පිලිබදව ඔබව දැනුවත් කරනවා. මෙමගින් දත්වල ඇති කහපැහැය ඉවත්ව යනවා පමණක් නොවේ විවිධ බැක්ටීරියා වර්ගද විනාශ කර දමනවා. එමගින් දත්වල ඇතිවන ආසාදන අවම කර දත් දිරාපත්විමද මැඩපවත්වනවා. එසේනම් අපි දැන් බලමු එම මිශ්‍රණය සාදාගන්නා ආකාරය පිලිබදව.

අවශ්‍ය ද්‍රව්‍ය.

Loading...

දන්තාලේප මේස හැදී 1ක් ( මින්ට් අඩංගු නොවන දන්තාලේප මේ සදහා යොදාගන්න).

බේකින් සෝඩා තේ හැදී භාගයක්.

ලුණු කුඩු ස්වල්පයක් (ඔබගේ ඇගිලි තුඩු වලට හසුවන ප්‍රමාණය පමණක් යොදාගන්න).

ලෙමන් යුෂ තේ හැදී භාගයක්.

සාදාගන්නා ආකාරය.

කුඩා භාජනයක් ගෙන එයට දන්තාලේප දමා ගන්න. ඉන්පසු ලුණු කුඩු හා බේකින් සෝඩා එක්කර අවසානයේ ලෙමන් යුෂ දමා හොදින් කවලම් කරගන්න. සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබගේ දත් බුරුසුවට ගෙන මිනිත්තු 5ක් පමණ ඔබගේ දත් හොදින් මැදගන්න. ඉන්පසු ඇල් ජලයෙන් ඔබේ කට හොදින් සෝදා හැරි පසු පැහැදිලි වෙනසක් ඔබගේ දත්වල දැකගන්නට ලැබේවි. මෙහිදී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු වන්නේ මෙම මිශ්‍රණය දිනපතා භාවිතා කිරීමෙන් වැලකි සිටීමයි. මසකට එක්වරක් පමණක් භාවිතා කිරීම සුදුසු වනවා.

මේ ලිපිය ඔබගේ යහළුවන්ටත් කියවන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්නට එපා.

You may also like...

1 Response

  1. I love it when people come together and share opinions, great blog, keep it up.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!