ඔබ බියට පත්වන ලොව ඇති අසීරුතම යුධ අභ්‍යාස 6ක්

ලෝකයේ කොහේ හිටියත් යුද හමුදාවක් යනු ඉහළ පුහුණුවක් හා මනා දරා ගැනීමේ හැකියාවන්ගෙන් යුත් පිරිසක්. ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා වරින් වර අසීරු අභ්‍යාසයන්හි ඔවුන් නිරත වෙනවා. අද අප මෙන්න වැඩ වෙබ් අඩවියෙන් ඔබට ගෙන එන්නේ එවන් අසීරුතම යුද අභ්‍යාස කීපයක තොරතුරුයි.

1. කෝබ්‍රා ගෝල්ඩ් යුද අභ්‍යාසය.

මෙය ඇමරිකානු හා තායිලන්ත යුද හමුදාවන් විසින් ඒකාබද්ධව සිදු කරනු ලැබූ යුද අභ්‍යාසයක්. ලෝකයේ විවිධ රටවල යුද හමුදාවන් මීට සහභාගී වු අතර එය ලෝකයේ විශාලතම යුද අභ්‍යාසයක් ලෙස සැලකෙනවා. මෙහිදී විශේෂත්වය වන්නේ අභ්‍යාසයට සහභාගී වුවන් විසින් සජීවී උණ්ඩ යොදා ගනිමින් අභ්‍යාසයේ නිරත වීමයි. කැලයන් තුළදී නොනැසී දිවි රැක ගැනීමේ අභ්‍යාසයන් මෙන්ම ඇතැම් විට සොල්දාදුවන්ට සර්පයන්ගේ රුධිරය පවා පානය කරන්නට මෙහිදී සිදු වුණා. කෘමි සතුන් ආහාරයට ගන්නටත් ඔවුන්ට සිදු වුණා.

Loading...

2. තීව්‍ර බාධක අභ්‍යාසය.

බෙලරුස් රාජ්‍යයේ ආරක්ෂක අංශයන්ට සම්බන්ධ වීමට නම් ඔබට ඉතා කටුක පරීක්ෂණයන් කීපයකට මුහුණ පාන්නට වෙනවා. සජීවී වෙඩි තැබීම්, ගින්දර හා තවත් බොහෝ බාධක මැද සිදු වන මේ පරීක්ෂණයෙන් සමත් වන්නේ දරා ගැනීමේ හැකියාව ඉහළින්ම ඇති කීප දෙනෙකු පමණයි. ගින්දර සහිත බාධක තරණය කරන්නටත් තවත් බොහෝ අනතුරුදායක අවස්ථාවන්ගෙන් ජීවිතය රැක ගන්නටත් ඔවුන්ට සිදු වෙනවා. අධික සීතල සහිත හිම ගොඩේ උඩුකය නිරුවතින් අභ්‍යාස කිරීමත් මේ අභ්‍යාසයටම අයිතියි.

3. කොරියානු ජනරජය හා එක්සත් ජනපදයේ මැරීන් හමුදාව එක්ව ශීත සමයේ යුද අභ්‍යාසයක් සැලසුම් කළේ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයන්ට මුහුණ දීමේ සූදානමක් ලෙසයි. එහිදී අතිශය දරුණු සීතල හමුවේ ඉතා වෙහෙසකර යුද අභ්‍යාසයන්හි නිරත වන්නට සොල්දාදුවන්ට සිදු වුණා.

4. රාජකීය තායිවාන හමුදාවේ ගෞරවනීය සාමාජිකයකු වන්නට නම් සොල්දාදුවෙකුට තම ඉතා දුෂ්කර පුහුණුව අවසානයේ පරීක්ෂණයකට මුහුණ දෙන්නට සිදු වනවා. එය හඳුන්වන්නේ ස්වර්ගයේ මාවත යනුවෙන්. ඊට ඉතා දුෂ්කර අභ්‍යාසයන් මෙන්ම කිලෝමීටර 15ක මුහුදු පිහිනුමක් ද ඇතුළත්. අඩි 164ක දුරක් ගල් මත බඩගා යන්නටත් ඔවුන්ට සිදු වෙනවා. දිය යට සටන්, ගොඩබිම් සටන් ආදී වශයෙන් මෙම අවසාන පරීක්ෂණය ඉතා වෙහෙසකර හා දුෂ්කර ක්‍රියාදාමයන් ගණනාවකින් යුක්තයි.

5. ඇමරිකානු මැරීන් බලකායේ ස්නයිපර් පුහුණුව ලෝකයේ ඇති දුෂ්කරම හමුදා පුහුණු වලින් එකක්. එය සමත් වන්නේ ඉතාම දක්ෂ හා නිර්භීත සොල්දාදුවන් පමණයි. මෙය කොතරම් දුෂ්කර දැයි කිවහොත් මුළු ඇමරිකානු මැරින් බලකායටම සිටින්නේ ස්නයිපර් වරුන් තුන්සියයක් පමණයි. මෙහිදී ඔවුන්ට ඉතා අපිරිසිදු දිය සහිත ජලාශයක බැස සැඟවී සිටින්නටත්, පරිසර පද්ධතියට අනුරූපව වේශාන්තරණය කරන්නටත් පුහුණුව ලබා දෙනවා.

6. රුසියානු සොල්දාදුවන් ලබන එක් පුහුණුවක් වන්නේ පපුවට වෙඩි තැබීමයි. වෙඩි නොවදින කබාය හැඳ සිටින නිසා ඔවුන්ගේ ජීවිතයට හානියක් නොවූවත් මේ එල්ල වන වෙඩි පහර අතිශයින්ම වේදනාකාරී එකක් බව පැවසෙනවා. එමෙන්ම පපුවට වෙඩි වදිද්දී ඇති වන අධික මානසික පීඩනය නියාමනය කර ගැනීමත් මේ පුහුණුවේ එක් අරමුණක්.

මෙම යුධ අභ්‍යාස ගැන ඔබ සිතන්නේ කුමක්ද ඒ ගැන කමෙන්ට් කර ඔබගේ මිතුරන්ටත් කියවන්න ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!