ඔබේ අත්යට කළු වෙලා නම් මෙන්න නියම ස්වභාවික විසදුම

අත්යට කළුවිම බොහෝදෙනාට ඇතිවන ප්‍රශ්නයක්. නිතර අත්යට රෝම ඉවත් කරන ඔබට මෙය විශාල ගැටළුවක් අදින ඇදුම අනුව ඔබේ අත්යට ඇති කළු පැහැය කැපී පෙන්නේනට පුළුවන්. එම නිසා ඔබගේ පෙනුම අවලස්සන වන්නට ඉඩ තිබෙනවා.

මෙයට ස්වභාවික විසදුමක් හැරෙන්නට අනිත් කිසිදු ආලේපනයකින් ප්‍රතිපල ලැබෙන්නේ නම් නැහැ. එම නිසා අද අප මෙන්න වැඩ වෙබ් අඩවියෙන් ඔබට ගෙන එන මෙම මිශ්‍රණය භාවිතා කර බලන්න. මෙය ආලේප කල පසු ඔබගේ අත් යට කළු පැහැය ඉවත්ව ගොස් සම පැහැපත් වනවා. මෙයට අවශ්‍ය ද්‍රව්‍ය ඔබට පහසුවෙන් සොයාගැනීමටත් පුළුවන්. එසේනම් අපි දැන් බලමු එම මිශ්‍රණය නිවැරදිව සාදාගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය පිලිබදව.

Loading...

අවශ්‍ය ද්‍රව්‍ය.

කුඩු කරගත් සුදු සිනි තේ හැදී 2ක්.

බේකින් සෝඩා තේ හැදී 1ක්.

දොඩම් යුෂ තේ හැදී 1ක්.

දෙහි ගෙඩි භාගයක යුෂ.

දියර කිරි තේ හැදී භාගයක්.

පොල්තෙල් තේ හැදී 1ක්.

සාදාගන්නා ආකාරය.

භාජනයක් ගෙන එයට හොදින් කුඩු කරගත් සිනි හා බේකින් සෝඩා දමා ඉන්පසුව අනෙක් සියලුම ද්‍රවය එයට එක්කර හොදින් මිශ්‍ර කර ගන්න. සාදාගත් මිශ්‍රණය ඔබගේ අත් යට හොදින් ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

මෙය දින 7ක් දවසක් ඇර දවසක් භාවිතා කිරීමෙන් අත්යට කළු පැහැය සම්පුර්නයෙන්ම ඉවත්වී දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට පුළුවන්. ඔබත් මෙම මිශ්‍රණය සාදාගෙන අදම භාවිතා කර ඉක්මන් ප්‍රතිපල ලබාගන්න.

මේ ලිපිය ඔයාගේ මිතුරන්ටත් කියවන්න share කරන්නත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!