ලෝකයට හෙළි නොවුණු අභිරහස් 10ක් මෙන්න

ඇමරිකාවේ න්‍යෂ්ටික රහස් .

ලෝකයේ වඩාත් දැඩි ආරක්ෂාවක් සපයා ඇති රහස් තොරතුරු ලෙස ඇමරිකාවේ න්‍යෂ්ටික තොරතුරු සැලකෙනවා. ඇමරිකාව සතු න්‍යෂ්ටික බලය කොපමණදැයි අදටත් ලෝකයාට රහසක්.

ඇමරිකාවේ තෙල් සංචිත පිහිටි ප්‍රදේශ.

Loading...

ඇමරිකාව සතු තෙල් සංචිත පිහිටි ප්‍රදේශ රාජ්‍ය රහසක් ලෙස සුරකිනු ලබනවා. ඔබ සතු ඉඩමක තෙල් නිධි ඇති බව හෙළි වුවහොත් ඇමරිකානු රජය විසින් වහාම එය මිලදී ගනු ලබන අතර එය රහසක් ලෙස තබා ගන්නට ඔබට බල කෙරෙනවා.

ඇමරිකානු වෛද්‍ය රහස්.

ඇමරිකානු නීතිය අනුව රෝගියකු පිළිබඳ සියලු විස්තර රහසිගත දේ ලෙස සැලකෙනවා. ඒ අනුව රෝගීන්ගේ වෛද්‍ය වාර්තා ඉතා රහස්‍ය ලියවිලි ලෙස ආරක්ෂා කරනු ලබනවා.

හැප්ස්බර්ග් නැප්කින් නැවුම.

තරමක් හාස්‍යජනක දෙයක් ලෙස පෙනුනත් මේ හැප්ස්බර්ග් නැප්කින් එක නවනු ලබන ක්‍රමය ඕස්ට්‍රියානු රජය රහසක් ලෙස සුරකිනවා. මෙය භාවිත කරනු ලබන්නේ ඕස්ට්‍රියා-හන්ගරි රාජකීය කෑම මේසවල පමණයි.

KFC වට්ටෝරුව.

ලෝක ප්‍රකට කේඑෆ්සී අවන්හල් ජාලයේ සුවිශේෂ කෑම වට්ටෝරුව 1930 දී හර්ලන්ඩ් සෑන්ඩර්ස් විසින් නිපදවූ එකක්. එය තවමත් ලෝකයට රහසක් වන අතර මේ අවන්හල් ජාලයේ ප්‍රධාන ශාඛාවේ එය රහසිගතව දැඩි රැකවල් මධ්‍යයේ තිබෙනවා.

ඒරියා ෆිෆ්ටි වන්.

ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ සුවිශේෂ ප්‍රදේශයක් ඒරියා 51 ලෙසින් සැලකෙනවා. එය ඉතා රහසිගත ප්‍රදේශයක් වන අතර එයට ඉහලින් ගුවන්යානා පියාසර කිරීමත් තහනම්. ඒතුළ න්‍යෂ්ටික පර්යේෂණ පැවැත්වෙන බව සමහරු පවසන අතර ඇතැම් අය පවසන්නේ ඇමරිකාව එහි සිට පිටසක්වළ හා සම්බන්ධතා පවත්වන බවයි.

ඇඩොල්ෆ් හිට්ලර්.

කුරිරු ජර්මානු නාසි පාලකයා වන හිට්ලර් 1945 අප්‍රේල් තිස්වැනිදා බංකරයක් තුළ දිවිනසා ගත් බවයි ඉතිහාසය කියන්නේ. නමුත් එය සෝවියට්වරුන්ගේ බොරුවක් බවත් ඔහු ඇන්ඩීස් කඳුවැටියේ සැඟවී ජීවත් වන බවත් ඇතැම් අය කියනවා. ඇමරිකානු එෆ්බීඅයි වාර්තා අනුව හිට්ලර්ගේ දිවිනසා ගැනීම බොරුවක් බව කියවෙනවා. නමුත් එම වාර්තා ඉතා රහසිගත ලෙස ලොවින් සඟවා තිබෙනවා.

එච් අයි වී – ඒයිඩ්ස්.

මෙම භයංකර රෝගය අප්‍රිකාවෙන් බිහිවූ බවයි මිනිසුන් බොහෝ දෙනා සිතන්නේ. නමුත් ඇතැම් අය මේ වයිරසය විද්‍යාගාර තුළ නිපදවූ එකක් බවත් එය ජෛව රසායනික අවියක් ලෙස භාවිත කරන බවත් පවසනවා.

කොකාකෝලා සංයුතිය.

කොකාකෝලා නිෂ්පාදනය කරන වට්ටෝරුව අදටත් ලෝකයේ පරිස්සමෙන් රැක ගන්නා රහසක් ලෙස සලකනවා. අදටත් කොකාකෝලා නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳව දන්නේ එහි ඉතා සුළු සේවක පිරිසක් පමණයි.

මරණින් මතු ජීවිතය සහ අපාය.

හැමදාටම ලෝකයේ පැවතුණු නොවිසඳුණු රහසක් තමයි මරණින් මතු ජීවිතය කෙබඳුද යන්න. මරණින් මතු ජීවිතය මේ ආකාරයැයි මියගිය අයෙකුට පැවසිය නොහැකි නිසා මෙය හැමදාටම රහසක් ලෙස පවතිනවා නිසැකයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!