ලෝකප්‍රකට සන්නාමයන්හි ලාංඡන වල සැඟවී ඇති විස්මිත රහස්

වෙළඳ නාමයක ලාංඡනය එහි සාර්ථකත්වයට ඉතාමත් වැදගත්. ඔබ නිතර දැක ඇති මෙම ලාංඡනවල සැඟවුණු තේරුම් ඔබ මෙතෙක් දැන සිටියාද?

ලෝක ප්‍රකට කොරියානු වාහන නිෂ්පාදන ආයතනයක් වන හ්‍යුන්ඩායි සමාගමේ ලාංඡනයෙන් දැක්වෙන්නේ ඇලවුණු H අකුරක්. එය සමාගමේ නාමයේ මුල් අකුර ලෙස පෙනුනත් සමීපව බැලූ කල අතට අත දෙන පුද්ගලයන් දෙදෙනෙකු එයින් නිරූපණය වන බව ඔබට පෙනෙනු ඇති.

Loading...

ක්‍රීඩා උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන අඩිඩාස් සමාගමේ ලාංඡනයේ දැක්වෙන්නේ ත්‍රිකෝණයක් සහ හරස් ඉරි කිහිපයක්. එය මගින් කන්දක් නිරූපණය වන අතර ක්‍රීඩකයන්ට මුහුණ පාන්නට වන අභියෝග හා ඒවා ජයගැනීමේ ඔවුන්ගේ ශක්‍යතාවය නියෝජනය කරනවා.

ඇපල් සමාගමේ සන්නාම නිර්මාතෘ රොබ් යනොව් ඇපල් ලාංඡනය බිහිවූ හැටි අපූරුවට විස්තර කරනවා. දිනක් ඔහු ඇපල් ගෙඩියක් කමින් සිටියදී එය හැපීම bite යන්න පරිගණක වලට අදාළ Byte යන්නට සමාන බව පෙනී ගිය නිසා හැපූ ඇපල් ගෙඩියක් එහි ලාංඡනය ලෙස යෙදූ බව පවසනවා.

සුප්‍රකට සෝනි Vaio ලාංඡනයේ පළමු අකුරු දෙක රැල්ලක් ආකාරයට විහිදෙමින් ඇනලොග් සංඥාත් දෙවන අකුරු දෙක වන i සහ o මගින් ඩිජිටල් සංඥාත් නියෝජනය කරනවා.

ඇමසෝන් ලාංඡනයේ තැඹිලි පැහැති ඊතලය සිනහවක් සේ දිස්වනවා. එමගින් පාරිභෝගිකයාගේ තෘප්තිය නියෝජනය වන අතර එම ඊතලය A අකුරේ සිට Z දක්වා විහිදී යනවා. එමගින් ඔවුන් A to Z සියලුම දේ පාරිභෝගිකයාට ලබා දෙන බව හඟවනවා.

බේස්කින් රොබින්ස් ලාංඡනයේ රෝස පැහැගත් කොටස් මගින් අංක 31 නිරූපණය වෙනවා. එය ඔවුන්ගේ අයිස් ක්‍රීම්වල රසයන්හි විවිධත්වය පෙන්වනවා.

ටොයොටා සමාගමේ ලාංඡනයෙන් ඉදිකටු සිදුරක් හරහා ගිය නූලක් පෙනෙනවා. එය ඔවුන්ගේ සමාගමේ අතීතය එනම්, රෙදි මහන යන්ත්‍ර නිපදවූ සමය සිහි ගන්වනවා.

ප්‍රකට ටයර් නිෂ්පාදනය ආයතනයක් වන කොන්ටිනෙන්ටල් සමාගමේ ලාංඡනයේ මුල් අකුරු දෙකෙන් වාහනයක රෝදයක් නිරූපණය වනවා.

මේ ලිපිය හැමෝටම කියවන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!