ලෙමන් පළුවකට මීපැණි ස්වල්පයක් දාලා මුහුණේ ගාලා බලන්න

එක් වූ විට බොහෝ රසවත් වෙන ආහාර වර්ග යුගළයන් ලෝකයේ බොහෝ තිබෙනවා. ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනෙක් ඕනෑ වේ කිව්වා වගේ ලෝකේ රසවත් වන්නටත් දෙදෙනෙක් ඕනෑ වෙනවාමයි. චොක්ලට් සහ පීනට් බටර් වගේ උදාහරණ ඔබට ඕනෑ තරම් හොයා ගත හැකියි. අද අපි ඔබට කියනවා එක් වූ විට රසවත් පමණක් නොවෙයි බොහෝම ගුණවත් වන දෙදෙනෙක් ගැන. ඒ තමයි මී පැණි සමග ලෙමන්. ලෙමන් යනු විටමින් සී වලින් පරිපූර්ණ පළතුරක්.

එමගින් ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා බොහෝ ලෙඩරෝග වලින් ඔබ ආරක්ෂා කරගත හැකියි. එහි අඩංගු සිට්රික් ඇසිඩ් මගින් ශරීරයේ විෂ සහිත ධූලක වර්ග ඉවත් කර රුධිර පීඩනය නියාමනය කරනවා. අතීතයේ පටන්ම මීපැණි සැලකුණේ දිව්‍ය ඖෂධයක් හැටියටයි. එය විෂබීජ නාශකයක් මෙන්ම ශරීරය තුළ හටගන්නා බොහෝ රෝගාබාධ වලට සහනය සලසන්නක්. ඉතින් මේ දෙක එකතු වූ විට කොතරම් යහගුණයක් ලැබේ දැයි දැන් විමසා බලමු.

Loading...

1. ලෙමන් සහ මීපැණි ඔබේ සම පැහැපත් කරයි.

මෙම සංයෝගයේ අඩංගු ඉහළ විටමින් සී ප්‍රතිශතය මගින් ඔබේ සමට මුක්ත ඛණ්ඩක නිසා සිදුවන හානි අවම කරයි. එය සෞඛ්‍ය සම්පන්න කොලැජන් නිෂ්පාදනයකට හේතු වන අතර සමට අවශ්‍ය තෙතමනය හා පෝෂණය ලබා දේ. ඔබට ඉතා පහසුවෙන් ලෙමන් යුෂ හා මීපැණි සමාන ප්‍රමාණයන් මිශ්‍රකර ආලේපනයක් සකසා ගත හැකියි. එය මුහුණේ ආලේප කර මිනිත්තු දහයක් තබා සෝදා හැර වෙනස බලන්න.

2. හිසකෙස් පෝෂණය කරයි.

ස්නානයට පෙර උණුසුම් ජලයට මීපැණි තේ හැන්දක් එක් කර ස්වභාවික ෂැම්පූ එකක් සාදා ගත හැකියි. එමගින් ඔබේ හිසකෙස් වලට අපූරු නැවුම් සුවඳක් එක් කරන අතර හිසකෙස් එකිනෙක ඇලීම නවතාලයි. ස්නානයෙන් පසු ලෙමන් යුෂ ආලේප කිරීම මගින් ඉස්සොරි සහ වෙනත් බැක්ටිරියා ආසාදන වලින් මිදී සෞඛ්‍ය සම්පන්න කෙස්කළබක් ලබා ගැනීමට ඔබටත් හැකියි.

3. ලෙමන් සහ මී පැණි පිළිකා වළක්වාලයි.

ලිමොනීන් ඇතුළු පිළිකා වළක්වන සංයෝග 22ක් ලෙමන් වල අඩංගු වේ. පිළිකා සෛල වර්ධන අත්හිටුවන ෆ්ලේවනොල් ග්ලයිකොසයිඩ් නැමති සංයෝගයක්ද ලෙමන් වල අඩංගුය. ස්වභාවික ප්‍රතිශක්තිකරණ වර්ධකයක් වන මීපැණි මගින් පිළිකා වර්ධනය වළක්වාලයි.

4. කෘමි දෂ්ටනයන් ගෙන් සහනය ගෙන දේ.

ලෙමන් හා මී පැණි මිශ්‍ර කර ගැනීමෙන් ඔබට අගනා විශබීජ නාශක දියරයක් සකස් කර ගත හැකියි. එමගින් කුඩා කෘමි සතුන්ගෙන් සිදුවන දෂ්ටනයන් ගෙන් සහනයක් ලබා ගැනීමට ඔබට හැකිවේ.

5. ලෙමන් හා මී පැණි ආසානයන්ට එරෙහිව සටන් කරයි.

අහිතකර කාලගුණ තත්ත්වයන්හිදී මිපැණි සහ ලෙමන් තරමි සුව ගෙන දෙන වෙනත් මිශ්‍රණයක් නැති තරම්. විශේෂයෙන්ම උණ හෙම්බිරිස්සාව වැනි ආසාදන තත්ත්වයන් සඳහා ලෙමන් හා මීපැණි ඉතාම සුවදායක වෙනවා.

6. ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.

ආහාර ජීර්ණය ක්‍රමවත් කර සිරුරේ බර අඩු කර ගැනීමට ලෙමන් හා මී පැණි හේතු වේ.

අපි දැන් බලමු මෙවන් අපූරු ගුණ ඇති ලෙමන් මීපැණි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය.

උණුසුම් ජලය වීදුරුවක්.
නැවුම් ලෙමන් යුෂ මේස හැඳි 1ක්.
මීපැණි තේ හැන්දක්.

සාදා ගන්නා ආකාරය.

ජලය කාමර උෂ්ණත්වයට පැමිණි පසු ඊට මීපැණි හා ලෙමන් මිශ්‍ර කරන්න. ආහාරයට පැය බාගයකට පෙර සතියකට තුන්වරක් මෙම මිශ්‍රණය පානය කරන්න.

ඔයාගේ යාලුවන්ටත් කියවන්න ලිපිය ෂෙයාර් කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!