කොමඩු ආහාරයට ගන්න කලින් මේ දේවල් ගැන දැනුවත් වෙන්න

කොමඩු ආහාරයට ගැනීමට බාල මහලු ඕනෑම කෙනෙක් දැඩි කැමැත්තක් දක්වනවා. ඔබ කොමඩු කෑමට ගත්තත් එමගින් ශරීරයේ අභියන්තරයට සිදුවන දේවල් පිලිබදව වැඩි අවබෝධයක් නොමැති වන්නට පුළුවන්. කොමඩු වල සියයට 92ක් පමණ ජලය අන්තර්ගතව වන අතර සෞඛ්‍යයට හිතකර වන බව සොයාගෙන තිබෙනවා. හෘද රෝගවලට, ප්‍රතිශක්තීකරණ පද්ධතියට, ඇස් රෝගවලට, කොමඩු ආහාරයට ගැනීම ඉතා ගුණදායක වනවා. ඔබත් කොමඩු ආහාරයට ගැනීමට කැමති අයෙක් නම් අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් අද අප ඔබට ගෙන එනවා. එසේනම් අපි දැන් බලමු එම කරුණු මොනවාද කියා.

හෘද රෝග අවම කර ගැනීමට.

Loading...

කොමඩු ජුස් එකක් ලෙස සාදා පානය කිරීම මඟින් අධික රුධිර පීඩනය මර්ධනය කර රුධිර පරිවහනය වැඩි කරන අතර හෘදයේ ක්‍රියාකාරිත්වයටද උපකාරී වනවා. කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය හේතුවෙන් ඔස්ටියෝපොරෝසීස් වලට ඉතා ගුණදායකයි. සිරුරට අවශ්‍ය කැල්සියම් ලබා ගැනීමට මෙන්ම මාංශ‍පේශි සහ අස්ථි ශක්තිමත් කිරීමට කොමඩු බෙහෙවින් උපකාරී වනවා.

ඇස් පෙනීම වැඩි දියුණු කරවයි.

බීටා කැරොටීන් කොමඩු වල අන්තර්ගත වන නිසා ඇස් පෙනීම වර්ධනය කිරීමට උපකරිවනවා. අක්ෂි ආබාධ ඇති පුද්ගලයන්ට කොමඩු ආහාරයට එක්කර ගැනීමෙන් එවැනි රෝගී තත්වයන් මග හරවා ගැනීමට පුළුවන්. කොමඩුවල විටමින් ඒ සංඝටකය අන්තර්ගත වන නිසා දත් සහ සමෙහි නිරෝගීභාවයට වඩාත් ගුණදායක වනවා.

ස්නායු රෝග සදහා.

පොටෑසියම් සංඝටකය කොමඩු වල අන්තර්ගත වන නිසා ස්නායු රෝග හා පේශිවල ක්‍රියාකාරිත්වයට කොමඩු කියන්නේ ඉතා හොද ආහාරයක් ලෙස හැදින්වීමට පුළුවන්.

බෝවන රෝග මර්ධනය කරයි.

කොමඩු වල විටමින් සී බහුලව අන්තර්ගත වන නිසා ප්‍රතිශක්තීකරණ පධද්තියේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතර සුව නොවන තුවාල සුව කරගැනීමට උපකාරී වනවා.

සිරුරේ මේදය දහනය කරගැනීමට.

කොමඩුවල ඇමයිනෝ අම්ලය අන්තර්ගත වන නිසා වකුගඩු රෝගීන්ට ඉතා හොද ආහාරයක් වනවා. ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කරගැනීමට කොමඩුවල ඇති සංඝටක බෙහෙවින් උපකාරී වනවා.

කොමඩු පිලිබදව අප සදහන් කර මෙම කරුණු පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද ඔබගේ අදහස කමෙන්ට් කරන්න යහලුවන්ටත් දැනගන්න ෂෙයාර් කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!