ඔබගේ ලේ වර්ගයට අනුව හෙළිවන රහස් මෙන්න

අප උපතේදීම හිමිකරගන්නා ලේ වර්ගය පිලිබදව ඔබ නොදන්නා වටිනා කරුණු කිහිපයක් අද අප ඔබට ගෙන එනවා. මිනිසුන්ගේ රුධිර වර්ග 4කට වෙන්කර තිබෙනවා. A, B, O සහ AB යන රුධිර වර්ග වලින් එකක් අපට හිමි වනවා.

විශේෂඥයන්ගේ අදහස් වලට අනුව මේ සෑම රුධිර වර්ගයකටම අනන්‍ය වූ විශේෂ ලක්ෂණයන් තිබෙනවා. නමුත් අප බොහෝ දෙනා ඒ පිලිබදව නොදැන සිටීම අවාසනාවකට කරුණක් වනවා. ඔබගේ ලේ වර්ගය තවත් පුද්ගලයෙක් ජිවත් කිරමට උපකාරී වන ආකාරය සහ ඔබට අයත් රුධිර ඛණ්ඩය අනුව වැළදෙන ලෙඩරෝග වලින් ආරක්ෂා වීම වැනි කරුණු මේ පිලිබදව අවබෝධයක් නොමැති වීමෙන් අහිමිවී යනවා.

රුධිර වර්ගය සහ ඔබගේ දරුවන්.

Loading...

මිනිසුන්ගෙන් 85% තරම් ප්‍රතිශතයකගේ රුධිරයේ RH අගය ධන අගයක් ගනු ලබනවා. උදාහරණයක් ලෙස විවාහ වුනු යුවලක් ගත්විට කාන්තාවගේ රුධිරයේ RH සෘණ අගයක් ගෙන පිරිමි පුද්ගලයාගේ රුධිරයේ RH ධන අගයක් ගන්නවා නම් ඒ යුවලට උපදින ළමුන්ගේ රුධිරයේ RH අගය ධන බවට පත්වනවා.මෙම හේතුවෙන් එම දරුවන්ට සෞඛ්‍යය ගැටළු ඇතිවීමේ අවධානම වැඩි වන්නට පුළුවන්.

රුධිර වර්ගය සහ ඔබට අවශ්‍ය පෝෂණය.

ඔබගේ රුධිර වර්ගය පිලිබදව නිවැරදිව දැනගත් පසු සෞඛ්‍යයට වාසි වන ආහාර මොනවාද කියා තීරණය කිරීමට ඉතාමත් පහසුයි.

A වර්ගයේ රුධිර ඛණ්ඩය හිමි පුද්ගලයින්ට එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක වනවා.

B වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් වැඩි වශයෙන් රතු මස් වර්ග ආහාරයට ගැනීම ඉතා යෝග්‍ය වනවා.

O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් ප්‍රෝටීන් බහුල ආහාර වන මස් සහ මාළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණදායකයි.

AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් මේදය අඩු මස් වර්ග සහ මුහුදු ආහාර කෑමට එක්කර ගැනීම ඉතා ගුණදායක වනවා.

රුධිර වර්ගය සහ ශරීරයේ බරෙහි ඇතිවෙන ගැටළු.

ශරීරයේ සිදුවන බරෙහි යම් වෙනස් කම් වලට රුධිර වර්ගය හේතු වනවා. O වර්ගයේ රුධිර ඛණ්ඩය හිමි වැඩි පිරිසකගේ ඉදිරියට නෙරා ආ උදරයක් දැකගන්නට පුළුවන්. ශරීරයේ බරෙහි ඇති වෙන මෙවන් ගැටළු වලට මුහුණ නොදෙන පුද්ගලයින් විදිහට A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් හැදින්වීමට පුළුවන්.

රුධිර වර්ගය සහ ගර්භනීභාවය.

AB වර්ගයේ රුධිර ඛණ්ඩය හිමි කාන්තාවන්ගේ “follicle-stimulating” හෝමෝනය නිපදවීම අඩු නිසා අනෙත් කාන්තාවන්ට වඩා ඉක්මණින් ගැබිනියක් වීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා.

රුධිර වර්ගය සහ හදිසි අවස්ථා.

හදිසි අවස්ථාවක රුධිර තවත් අයකුට ලබා දීමට අවශ්‍ය වූ විට මතක තබාගත යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා. O වර්ගයේ RH අගය සෘණ වන පුද්ගලයන්ට ඕනෑම රුධිරයක් හිමි පුද්ගලයෙකුට රුධිරය ලබා දීමේ හැකියාව තිබෙනවා. AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට ඕනෑම රුධිර වර්ගයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

රුධිරය පිලිබදව ඔබට ගෙන ආ මෙම තොරතුරු පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස දක්වන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!