දත් කැක්කුම සුව කරගන්න පහසු ක්‍රමයන් මෙන්න

දත් කැක්කුමක් සෑදුනු විට දැනෙන වේදනාව වචන වලින් විස්තර කිරීමට පවා අපහසු කාර්යයක් බව ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැහැ නේද? මෙන්න මේ දත් කැක්කුම ඇතිවීමට හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක්ම තිබෙනවා. දත් වල මැලියම් බැදීමේදී එම මැලියම් තුල ඇති බැක්ටීරියාවන් මගින් නිපදවනු ලබන ඇසිඩ් වර්ග හේතුවෙන් දත් මතුපිට සිදුරු ඇති වනවා. එම හේතුවෙන් දත් දිරාපත් වීමත් සමග සිදුරු විශාලවීම සිදුවී දත් කැක්කුම හට ගන්නවා.

මෙන්න මේ කරදරකාරී දත් කැක්කුමට 100% ස්වභාවික ප්‍රතිකාරයන් කිහිපයක් පිලිබදව අද අප ඔබව දැනුවත් කරනවා. මෙම සරල ක්‍රමයන් මගින් දත් වල ඇතිවන වේදනාව සම්පුර්නයෙන්ම නැතිකර ගැනීමට ඔබට පුළුවන්. එසේනම් අපි දැන් බලමු එම ක්‍රමයන් මොනවාද කියා.

වැනිලා සාරය.

Loading...

මෙය දත් කැක්කුම සදහා ඉක්මන් සහනය ලබාදෙන ක්‍රමයක් වනවා.ඒ සදහා ඔබ කලයුතු වන්නේ පුළුන් කැබැල්ලක වැනිලා සාරය තවරා වේදනා සහිත ස්ථානයේ ආලේප කිරීම පමණයි.

ගම්මිරිස් හා ලුණු.

ගම්මිරිස් හා ලුණු කියන්නේ බැක්ටීරියා ප්‍රතිවීරෝධී සංයෝගයක් වනවා. ලුණු සහ ගම්මිරිස් එකට දමා කලවම් කර වතුර බිදු කිහිපයක් එක් කර වේදනාකාරී ස්ථානයේ ආලේප කර මිනිත්තු 3ක් පමණ තිබෙන්නට හරින්න.

පෙපමින්ට් තේ බෑග්.

මෙම පෙපමින්ට් තේ බැග් මගින් වේදනාකාරී දත් හිරි වැටීම හා සුව කිරීමේ ගුණ තිබෙනවා. ඔබ මේ සදහා කලයුතු වන්නේ ශීත කළ තේ බෑග් එකක් ආසාදිත දත මත තැබිම හෝ තේ බෑග් එක කඩා එහි ඇති ද්‍රව්‍ය ආසාදිත ස්ථානයේ ආලේප කිරීම පමණයි.

කරාබුනැටි තෙල්.

කරාබුනැටි වල ඉයුජිනෝල් නම් නිර්වින්දක ගුණය අඩංගු වනවා. කරාබුනැටි තෙල් ස්වල්පයක් පුළුන් කැබැල්ලක තවරා වේදනාව දැනෙන දත් වල ආලේප කර මද වේලාවකට පසු එම ප්‍රදේශයේ හිරි වැටීමක් සිදුවනවා. නමුත් ඔබ මේ තෙල් සංවේදී ස්ථාන වල හා දිව මත ආලේප කිරීමෙන් වැළැකි සිටින්න. එමගින් ඔබේ දිවේ වේදනාවක් ඇතිවීමට පුළුවන්.

සුදුළුණු.

බලවත් ප්‍රතිජිවකයක ගුණයක් ඇති සුදුළුනු දත් වලට හානි කරන බැක්ටීරියා වර්ධනය වීම වලක්වාලනු ලබනවා. සුදුළුනු ගෙඩියක් පොඩි කර එයට දිය ලුණු ස්වල්පයක් දමා කවලම් කර වේදනාකාරී ස්ථානය මත තබන්න. ඉන් පසු ඔබේ කට සෝදා පාර්ස්ලි කොළ දෙකක් හපන්න.

දත් කැක්කුම සදහා භාවිතා කරනු ලබන මෙම ක්ෂණික විසදුම් පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ අදහස කමෙන්ට් කර යහලුවන්ටත් බලන්න ෂෙයා කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!