ජේක් – එමි ආදර කතාවේ ඛේදනීය අවසානයේදී ලැබුණු සතුට

ජේක් කෝට්ස් සහ එමී ජීවත් වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. මොහුන් දෙදෙනා ආදරවන්තයන් බවට පත්වුණේ පාසල් වියේදීමයි. එය ආදරයක්ද නැත්තම් මිතුරුකමක්ද යන්න ඔවුන්ට මේ වන තෙක් වටහා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

පාසල් වියේ තිබුණු පෙම් මතකයන් එලෙසම තිබියදී ජේක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෛද්‍යවරයෙකු ලෙස සේවයට ගියා. හැබැයි එමී ගුරුවරියක් ලෙස ලන්ඩන් නුවර සේවය කර අතර. ටික කලක් ගතවූ පසු නැවතත් ඔවුන් දෙදෙනා අහඹු ලෙස මුණගැසුණේ 2015 වසරේදී.

යලිත් ඔවුන්ගේ පරණ හුරු පුරුදු මිතුදම ප්‍රේමයක් බවට පෙරළෙමින් දෙදෙනා සැබෑ ආදරවන්තයන් බවට පත්වුණා. මේ දෙදනාගේ ආදරයට බාධාවක් වුණේ ජේක් සිඩ්නි නුවරත් එමී ලන්ඩන් නුවරත් සිය සේවාවන් කරන නිසයි.

Loading...

නමුත් මේ දෙදෙනාට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ අදර කතාව විවාහය දක්වා ගෙන යන්නට ඔවුන්ට හැකිවුනේ පෙර සිටම පතාගෙන ආ හිමිකාරීත්වය නිසාම වන්නට ඇති. නැවත හමුවී මාස 6 කට පසු පාසල් කාලයේ සිට තිබුන මිතුරු කම විවාහ ගිවිස ගන්නට තරම් ජේක් කෝට්ස් සහ එමී ගේ ආදරය ප්‍රබල වුණා.

විවාහ වී නිදහසේ තම ආදරය විදිමින් ලෝකය වටා සංචාරය කරන්නට ගත් මේ යුවළට හදවත් නවතින අසුබ ආරංචියක් දැනගැනීමට ලැබුනේ ඔවුන් පිලිපීනයේ සිටියදී. මෙයින් කියවුණේ එමී මාරාන්තික පිළිකා රෝගයකයට ගොදුරු වි ඇති බවයි. මෙය දැනගත් යුවළගේ හදවත් කඩා වැටුණත් ඉන් එහා කළ හැකි යමක් ඔවුන්ට තිබුණේ නැහැ.

කෙසේ වුණත් මේ යුවළගේ අවසාන බලාපොරොත්තුව වුණේ ඔවුන් දෙදෙනාගෙම දරුවෙකු මෙළොවට බිහි කිරීමයි. නමුත් එම බලාපොරොත්තුවද බිඳ වැටෙන වටපිටාවක් ගොඩනැගී තිබුණේ එමීගේ පිළිකාව මුළු ශරීරය පුරා ව්‍යාප්තවීම නිසා ඇය මරණාසන්නව සිටී නිසයි.

එමී ගැබ්ගෙන සිටියත් දරුවෙකු බිහි කිරීමට තරම් ඇයට සෞඛ්‍ය තත්ත්වයක් තිබුනේ නැහැ. අවසානයේ ඔවුන් දෙදෙනාගේ ඉලක්කය වුණේ එමීගේ ඩිම්බයකුත්, ජේක්ගේ ශුක්‍රාණුවක් ලබාගෙන එය විච්ඡේදනය කර වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි.

මෙය සිහිනයක් වැනි බලාපොරොත්තුවක් වුණත් ඒ මොහොතේ දි ඔහුන්ට ස්වේච්ඡාවෙන්ම පිහිටට ආවේ ඔවුන්ගේ පාසල් මිතුරියක් වි සිටි ලී බෙක්. ඇය හමුවීමත් සමග ඔවුන්ගේ සිහිනය මල් පළ ගැන්වෙන බවට පෙර නිමිති පහළ වුණත් යලිත් ඔවුන්ගේ හදවත් නතර වුණු පුවත වුනේ අවස්ථා දෙකකදී වෛද්‍යවරුන්ගේ උත්සාහය අසාර්ථක වීමයි.

ලෝකයේ මිනිසුන්ට බලාපොරොත්තුවක් ඇත්නම් එය ජය ගැනීමට හැකි බව හැම විටම කියවෙන උදාන වාක්‍යයක්.

එය විශ්වාස මේ යුවල නැවත ලීසා බෙක් ගේ පිහිටෙන් වෛද්‍යවරු සමග තව වතාවක් උත්සාහ කළා.

එ වතාවේ ඔහුන්ගේ සිහිනය සැබෑ කරවමින් ලීසා බෙක් ගැබිණියක් බවට පත් වුණා. හැබැයි මේ සතුට සුළු වෙලාවකට සිමා වි තිබුනා ඒ ලීසා බෙක් ගැබිණියක් බවට පත්වී පැය කිහිපයකින් එමී සදහටම මොලොවින් සමුගත්තා. නමුත් ඒ වන විට ජේක්ගේ සහ එමීගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වී හමාරයි.

පිළිකාවක් වැළඳුණු බව දැනගත් එමී ජේක් සමග එක්ව එංගලන්තයේ පිළිකා මර්දන ආයතනයකට ආධාර කිරීමට කිලෝමීටර් 2000 ක් පා පැදියෙන් සංචාරයක් කළ බවද සඳහන් වන අතර. ඔවුන් දෙදෙනා රුපියල් මිලියන 1.9 ක මුදලක් සොයා දීමට සමත් වුණේ මින් පසුව පිළිකාවට ගොදුරු වන්නන්ට තවත් මේ ලෝකයේ ජීවත් වන්න ප්‍රාර්ථනාවක් ද එක් කරමින්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!