ලොව තිබෙන වාසනාවන්තම රැකියාවන් මෙන්න

අපි හැමෝගෙම සිතේ තියන සිහිනයක් තමයි හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන එක. නමුත් නිදහසේ ඉඳලා හොඳ සුපිරි පඩියක් ගන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? අද අපි මේ ඔයාලට කියන්නේ ලෝකයේ පවතින ඒ වගේ සුපිරිම රැකියාවන් ගැනයි.

අනිකුත් රැකියාවන්ට සාපේක්ෂව ඇති නිදහස සහ ලැබෙන වැටුපේ ප්‍රමාණය පිළිබඳව සලකලා බලලා තමයි මේවා ලෝකයේ වාසනාවන්තම රැකියා කියලා වර්ග කරලා තියෙන්නේ එහෙනම් මෙන්න බලන්නකෝ ඒ රැකියා.

සුඛෝපබෝගී ඇඳන් පරීක්ෂක.

Loading...

මෙම රැකියාවේ හිමිකාරිය බ්‍රයින්හැම් විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන 22 හැවිරිදි රොසින් මැඩ්ගන්ය. සුව පහසු ඇඳන් නිශ්පාදනය කරන සිමොන් හෝන් නම් සමාගමේ ඇඳන් මත, උදේ 10 සිට සවස 6 දක්වා ගත කරමින් ඒවාගේ තත්ත්වය පරීක්ෂා කිරීම ඇයට හිමි රාජකාරිය වෙනවා. ඒ සඳහා ඇයට එක් දිනකට පවුම් 1000 ක් බැගින් ගෙවනු ලබන්වා. අවාසනාවකට මෙම රැකියාව මාසයකට පමණක් සීමා වේ.

පැරඩයිස් දූපතේ රැකවලා.

ඕස්ට්‍රේලියාවේ හැමිල්ටන් දූව රැකබලා ගැනීමේ තනතුරු ලෝකයේ රැකියා අතර විනෝදාත්මකම රැකියාවක් වනවා. මේ තනතුර සඳහා ලැබුණ ඉල්ලුම්පත්‍ර 3500 ක් අතුරින් තෝරා ගෙන ඇත්තේ 34 හැවිරිදි බෙන් සවුත්හෝල් නම් පුද්ගලයාවයි. ඔහුට පැවරුණ රාජකාරිය වූවේ හැමිල්ටන් දූපතේ පිහිනමින්, ගවේෂණය කරමින් නිවාඩු සුවය විඳිමින් සිටීමටයි.

ඒ අතර දූපත ගැන බොලොග් අඩවියක් හරහා ප්‍රචාරණය සිදු කරමින් ජනතාව දැනුවත් කිරීමද කල යුතු වෙනවා. ඔහුගේ රැකියාව මාස 6 ක් සඳහා පමණක් වූවද ඔහුගේ මාසික වැටුප ඩොලර් 110 000 පමණ වනවා. මෙම මාස 6 ගත කිරීමට කාමර 3 ක් සහ පිහිනුම් තටාකයක් සහිත විලා එකක් ඔහුට හිමි වනවා. මේ රැකියාව ඔහුට ලැබුනේ දින 4 ක සම්මුක පරීක්ෂණයකින් පසුව වන අතර එහිදී ඔහුගේ පිහිනීමේ හැකියාව බ්ලොග් පිළිබඳව දැනුම සහ තවත් බොහෝ දේවල් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

වෘත්තීමය ගණිකාවන් පරීක්ෂක.

මෙම අමුතුම ආකාරයේ රැකියාව කරනු ලබන්නේ ජිම් රෙස්කොන් නැමැති පුද්ගලයා වන අතර මේ රැකියාවේ යෙදීමට ඔහුට ඇත්තේ මාසයකට එක් දිනක් පමණි. වසරක් පුරා ඔහු ගණිකාවන් 70 ක් පමණ පරීක්ෂාකල යුතු වේ. ඔහුට ඒ සඳහා දිනකට ඩොලර් 300 ක් පමණ ගෙවනු ලැබේ.

වයින් පරීක්ෂක.

දිනපතා නිවසටම පැමිණෙන 450 ක් පමණ වයින් නිශ්පාදකයන්ගේ වයින් වල තත්වය පරීක්ෂා කිරීම සහ එම වයින් පිළිබඳව තොරතුරු සහ පින්තූර අන්තර්ජාලයට මුදා හැරීම හොඩී වොලන්ස් ගේ රාජකාරියයි. මාස 6 ක් පමණ හිමිවන මෙම රැකියාව සඳහා ඔහුට මසකට ඩොලර් 10000 ක් පමණ ගෙවනු ලැබේ. මේ මාස 6 නම් ඔහුට අවුරුදු වගේ ඇති නේද?

රසකැවිලි පරීක්ෂක.

ලෝකයේ තවත් රසවත්ම රැකියාවක් වන මේ රැකියාව හිමිවන්නේ වයස අවුරුදු 12 ක පාසල් සිසුවෙක් වන හැරී විල්ශ නැමැති දරුවාටයි. එයාට පැවරෙන රාජකාරිය වන්නේ රස කැවිලි නිපදවන සමාගමක රහසිගත රසකැවිලි වට්ටෝරුවල රස පරීක්ෂා කිරීමටයි. මෙයා තමයි දැනට ඉන්න ලා බාලතම රසකැවිලි පරීක්ෂක.

ගූගල් මැප් සඳහා ඡායාරූප ශිල්පියා.

මේ රැකියාවේ කරන්න තියෙන්නෙ ප්‍රංශය පුරා සංචාරය කරමින් ගූගල් ස්ට්‍රීට් මැප් සඳහා ඡායාරූප ගැනීමයි. මේ වාසනාවන්ත රැකියාව දෙදෙනෙකුට විතරයි හිමි වී තිබෙන්නේ. ඒ සඳහා ඔවුන්ට කැමරා 9 ක් , GPS, පරිගණක සහ ජෙනරේටරයකින් සමන්විත සුවිශේෂී ට්‍රයිසිකල් දෙකක් ලබා දී තිබෙනවා.

මේවා ලෝකයේ වාසනාවන්තම රැකියා කියලා කියන්නෙ අනිකුත් රැකියාවන්ට සාපේක්ෂව ඇති නිදහස සහ ලැබෙන වැටුපේ ප්‍රමාණය පිළිබඳව සලකලා බලලයි.

world of Warcaraft පරිගණක ක්‍රීඩාව පරීක්ෂක.

මේ රැකියාවට නම් ඔයාටත් ඉල්ලුම් කරන්න පුළුවන්. සුදුසුකම තමයි සති දෙකක් ඇතුලත පැයකට ගෝල්ඩ් 200 ක් සහ ලෙවල් 80 ක් දක්වා මේ ගේම් එකෙන් යන්න පුළුවන් වීමයි. මිලියන 12 ක් වන මේ පරිඝනක ක්‍රීඩාවේ නිරත වන්නන්ගේ සිහිනය මේ රැකියාව වූවත් ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවක් දන්නේ නම් රැකියාව ලබා ගැනීම තරමක් පහසු වන්නේ ඔවුන් මේ දිනවල වෙනත් භාෂාවන්ගෙන් මෙම ක්‍රීඩාවේ යෙදෙන පරිෂකයින් ඉල්ලුම් කර ඇති නිසයි.

විනෝදාශ්වාදක අධ්‍යක්ෂක.

york’s national railway musium derector of fun කියන තනතුර කියන්නෙ විශේෂ රැකියාවක් නෙවෙයි. ඒත් මේ රැකියාව විශේෂ වෙලා තියෙන්නේ මේක හිමි වෙලා තියෙන්නෙ වයස 6 ක කුඩා පිරිමි ලමයෙකුට වීම නිසයි. මේ තනතුර සඳහා ලබුණ අයදුම්පත් අතර කුඩා දරුවෙක් වන සම් පොයිටන් ගේ අයදුම්පතකුත් තිබිලා. එම අයදුම්පතේ තිබී ඇත්තේ ”මට වයස අවුරුදු 6 ක් වුණත් මට මේ රැකියාව කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා”. ඒ වගේම ඔහු ලියා තිබුණා ”මට සෙල්ලම් විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් තියෙනවා” එහි එකවර දුම්රිය 2 ක් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.” යනුවෙනි. මෙම ලිපිය කෞතුකාගාර පාලකයින් දුටු විගස ඔහුට එම රැකියාව ලබාදීමට තීරණය කරලා තියෙනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!