රසවත් ආහාරපාන වල අඩංගු අරුම පුදුම අමුද්‍රව්‍ය

ඔබ රසකර කන මේ ආහාර වල අඩංගු ද්‍රව්‍ය ගැන ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. මෙන්න වැඩ තුළින් අද අපි ඔබට කියන්නේ එවන් අරුම පුදුම අමුද්‍රව්‍ය යොදා සකස් කරන ජනප්‍රිය ආහාර වර්ග කිහිපයක් ගැනයි.

යෝගට්.

යෝගට් නිෂ්පාදනය වන්නේ බැක්ටීරියා ප්‍රතික්‍රියාවක අතුරුපලයක් ලෙස බව ඔබ දන්නවාද? එය ඔබේ හිතට බිය ගෙන දෙන කරුණක් සේ පෙනුනත් යෝගට් වල අඩංගු ලැක්ටොබැසිලස් වර්ගයේ බැක්ටීරියා ප්‍රෝබයෝටික් ලෙස හැඳින්වෙන අතර ඒවා ඔබේ ජීරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබන්නට උදව් වෙනවා

Loading...

වැනිලා අයිස්ක්‍රීම්.

වැනිලා අයිස්ක්‍රීම් වලින් හමන මිහිරි සුගන්ධයට අකමැති කවුද? නමුත් එය නිස්සාරණය කරන්නේ බීවරයන්ගේ ගුද මාර්ගයට සමීපව පිහිටි ග්‍රන්ථියකින් බව. එම රසායනය හඳුන්වන්නේ කැස්ටෝරියම් නමින්. එළදෙනුන්ගෙන් කිරි ලබාගන්නා ආකාරයට බීවරයන්ගෙන් මේ කැස්ටෝරියම් ලබා ගන්නවා.

බියර්.

ආහාරයක්ම නූනත් ජනප්‍රිය පානයක් වන බියර් වල ප්‍රොපිලීන් ග්ලයිකෝල් සහ ඉසින්ග්ලාස් නම් සංඝටක අඩංගුයි. මෙම ප්‍රොපිලීන් ග්ලයිකෝල් ගුවන්යානා ඉන්ධන වල අඩංගු වන අතර ඉසින්ග්ලාස් වියළි මසුන්ගේ මූත්‍රාශයන් වලින් නිස්සාරණය කරනවා. බොහෝ බීර සමාගම් තම පානයන්හි අඩංගු දෑ රහසක්ව තබා ගන්නේ ඇයිදැයි දැන් ඔබට වැටහෙනවා ඇති.

වෙනඩීස් චිලී.

ක්ෂණික ආහාර සපයන් මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී වැනි අවන්හල්වල බහුලව භාවිත කෙරෙන රසකාරකයක් වන්නේ වෙන්ඩීස් චිලී නමින් හඳුන්වන ද්‍රව්‍යයි. එය සිලිකන් ඩයොක්සයිඩ් එනම් වැලි වලින් ලබා ගත් නිස්සාරකයක් භාවිතයෙන් සකස් කෙරෙන බව දැන් සොයාගෙන තිබෙනවා.

ජෙලි.

ජෙලි කන්නට ආසා නැත්තේ කවුද? නමුත් ජෙලි සකස් කෙරෙන්නේ සතුන්ගේ ඇටමිඳුලු වල දක්නට ලැබෙන සම්බන්ධක පටක වල ඇති ප්‍රෝටීන භාවිතයෙන් බව ඔබ දන්නවාද?

චුවිං ගම්.

ලෝකය පුරා බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට චුයිං ගම් හපනවා. නමුත් චුයිංගම් වල ලැනොලීන් නම් සංඝටකය අඩංගුයි. ඔබට වඩාත් තේරෙන ලෙසින් කිවහොත් චුයිංගම් වල බැටළු තෙල් තිබෙනවා

චීස්.

චීස්වල ලී පල්ප තිබෙනවා යැයි කීවොත් ඔබ පුදුම වෙයි. ඇත්තටම ලී පල්ප කීවාට මේ සෙලියුලෝස් නම් ලී වලත් අඩංගු සංඝටකයයි. එය සාමාන්‍ය ප්‍රමාණයක් ආහාරයේ අන්තර්ගත වීම යහපත්

මැක්ඩොනල්ඩ් ඇපල් පයි.

ලෝක ප්‍රකට මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලයේ නිෂ්පාදනය කරන ඇපල් පයි වල එල් සිස්ටීන් නම් සංයෝගය අඩංගු බව සොයා ගැනුනා. එය දක්නට ලැබෙන්නේ ඌරු කෙඳි වලත්, මිනිස් හිසකේ වල හා තාරා පිහාටු වල පමණයි

බිම්මල්.

බිම්මල් ටින් එකක ඉහඳ පණුවන් 20ක් පමණ සිටින්නට පුළුවනි. ඇමරිකානු ආහාර හා ඖෂධ ඒජන්සියට අනුව එය මිනිස් සිරුරට වාසි සලසන්නක්.

අල පෙති.

බැදපු අලපෙති වල සෝඩියම් බයිසල්ෆයිට් නම් රසායනිකය අඩංගුයි. එය අලපෙති විරංජනය කර එහි ප්‍රශස්ත වර්ණය පවත්වා ගන්නවා.

මේ ගැන ඔබේ යහළුවන් දැනුවත් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!