ඇපල් සමාගම විසින් I Phone X නිෂ්පාදනය නවතා දමන බවට අනතුරු අගවයි

පසුගිය සැප්තැම්බර් මාසයේදී iPhone X එළිදැක්වූ අවස්ථාවේ ඇපල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ‘ ටිම් කුක් ‘ මෙහිදී පවසන ලද්දේ ඩොලර් 999 ක උපකරණයක් විසින් “ඊලඟ දශකය සඳහා තාක්ෂණයේ මාවත සකසනු ඇත” ලෙසටයි

ඔහුගේ මේ තාක්ෂණික සහතිකය සැබෑවක් වුනත් ඇපල් සමාගමේ වඩාත්ම මිල අධික iPhone X ජංගම දුරකථනය කෙරෙහි වෙලදපොල තුල පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ඇපල් සමාගම තම iPhone X දුරකතනයහි නිෂ්පාදන කටයුතු මෙම ගිම්හානය මුල සිටම නතර කරන බව මාධ්‍යට පවසා ඇත.

ඇපල් නිෂ්පාදකවරුන් පවසන ආකාරයට අයිෆෝන් X දුරකථනය ” නිෂ්පාදනයක නව මාදිලියක් නිරාවරණය කිරීමට පෙර ඇපල් අයිෆෝන් දුරකතනයක් අත්හිටුවනු ලද පළමු වතාව ” මෙය වන බවයි.

Loading...

2018 වසරේ මුල් කාර්තුවේදී ඇපල් නිවුස් වෙබ් අඩවිය වන ‘ Apple Insider ‘ විසින් කරන ලද විශ්ලේෂණයක දි , 2018 වසරේ මුල් කාලය තුල ඇණවුම් කළ උපකරණ මිලියන 18 ක් පමණ වන බවත් ඒවා අතරින් තම සමාගමේ ප්‍රධානම නිෂ්පාදනය වන අයිෆෝන් X සදහා තමා සිතු තරම් ඉල්ලුමක් හිමි වී නැති බැවින් මෙම ක්‍රියාමාර්ගය සදහා යොමු වූ බව ඇපල් සමාගම තවදුරටත් සදහන්කර සිටියා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!