හෙට රාත්‍රියේ අහස දෙස බලන්න ඉතා දුර්ලභ දෙයක් දැකගන්නට ලැබේවි

නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙටයි එනම්  (31) දිනටයි. හෙට දිනයේ  විරල චන්ද්‍රග්‍රහණයක් සිදු වන බව  වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනා අතර. එම නිසා පොහොය දින සිදුවන මෙම විරල චන්ද්‍රග්‍රහණයක් සමඟ පායන සඳ, සුවිශේෂිතා කිහිපයක් හේතුවෙන් සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස නම්කර ඇතැයි ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා.

පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් ගන්නා චන්ද්‍රයා ඇතැම් කාලවලදී පෘථිවියට ආසන්නව ගමන් කරන අතර ඇතැම් කාලවලදී පෘථිවියට තරමක් ඈතින් ගමන් කරයි.  හෙට දිනයේදී චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන අතර පෘථිවියත් චන්ද්‍රයාත් අතර දුර අඩුම අවස්ථාව නිසා දිස්වන සඳ සුපර් මූන් ලෙස හැඳින්වේ.

එසේම හෙටට යෙදි ඇති නවම් පුර පසළොස්වක පොහොය එකම මසක දෙවැනි පසළොස්වක පොහොය වේ. මෙසේ දුර්ලබ වූ චන්ද්‍රයා නිල් සඳ ලෙස හැඳින්වේ. මේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවියට වැටෙද්දී රතු පැහැයක් ගන්නා අතර එය “රුහිරු සඳ” නමින් හඳුන්වයි. මේ සුවිශේෂීතා හේතුවෙන් එම සඳ සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස හඳුන්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

Loading...

මේ අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන පරිදි හෙට චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝකය වෙනත් පසළොස්වක දිනවලට සාපේක්ෂව 14%කින් පමණ දීප්තියෙන් වැඩි බව කියවෙන අතර. (31දා) යෙදෙන විරල චන්ද්‍රග්‍රහණය මෙරට නැඟෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකි බවත් ප.ව. 6.21 සිට රාත්‍රි 7.37 දක්වා පියවි ඇසින් දැකගත හැකි මේ චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාව ප.ව. 6.59ට දිස්වන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!