අන්තර්ජාලය කැළඹු සෙල්ෆි වීඩියෝවට ඔබත් රැවටුනාද මෙන්න ඒ ගැන ඇත්ත කතාව හෙළිවෙලා

සමාජ ජාල වෙබ් අඩවි කලබමින් දුම්රියක් පැමිණෙන අවස්ථාවේ දි සෙල්ෆි වීඩියෝවක් ගැනීමට ගිය තරුණයෙකු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව ලොව පුරාම අවධානය යොමුවුනා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි එම තරුණයා එහිදී බරපතල තුවාල ලැබූ බවටයි. කෙසේ වෙතත් මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම වීඩියෝව ව්‍යාජ ලෙස සැකසු වීඩියෝවක් බවයි.

මෙම තරුණයා කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකු ලෙස සේවය කරන අතර පසුව ඔවුන් විසින් මෙලෙස ව්‍යාජව සැකසූ වීඩියෝව පිළිබඳව අදහස් දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍යවේදිනියක් විසින් ට්විටර් ගිණුමට එක්කර තිබෙනවා. එම වීඩියෝවත් සමඟ බලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී එම තරුණයා අත්අඩංගුවට ගැනීමද සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!