ඉවත දමන දොඩම් ලෙල්ලෙන් මේ දේවල් කළහැකි බව ඔබ මින්පෙර දැනසිටියාද

දොඩම් යනු රසවත් වගේම අපි කවුරුත් කැමැති පළතුරක්. දොඩම්වල අඩංගු වන විටමින් C අපගේ ශරීරයේ නීරෝගී බවට බෙහෙවින් උපකාරී වෙනවා. ඊට අමතරව දොඩම් තුල විටමින් A හා B, පොටෑසියම්, කැල්සියම් වැනි බොහෝවටිනා පෝෂ්‍ය පදාර්ථ සමන්විත වනවා. නමුත් ඔබ කවදාවත් හිතුවද මෙතරම් ප්‍රයෝජන තිබෙන දොඩම් වල අපි ආහාරයට ගැනීමේදී විසිකරන ලෙල්ල ඉතාමත් වටිනා බව. දොඩම් ලෙලිවලින් අපගේ බාහිර සුන්දරත්වය වැඩි කරගත හැකි බව ඔබ දැනසිටියාද?

මෙම ලිපියෙන් කියවෙන්නේ ඒ ආකාරයට දොඩම් ලෙලි භාවිතයෙන් ඔබේ රූප ස්වභාවය වැඩිකර ගත හැකි ආකාර කිහිපයකි. මේ සත්කාර කිරිමට දොඩම් ලෙලි හොඳින් කුඩු කරගන්න අවශ්‍යයයි. ඒ නිසා දොඩම් ලෙලි වේලා කුඩු කර තබාගන්න.

black heads සහ white heads ඉවත් කිරීමට උපකාරී වීම.

Loading...

දොඩම් ලෙලි කුඩු වලට මී පැණි එකතු කර පිරිසිදු කර ගෙන මුහුණේ අලේප කර විනාඩි 15කට පසුව අත් හොඳින් තෙත් කරලා මුහුණ සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

සමේ ඇති කුරුලෑ ලප කැළැල් හා අඳුරු ස්වභාවය නැති කරගැනීමට.

දොඩම් ලෙලි කුඩු මේස හැඳි 2යි
යෝගට් මේස හැඳි 1යි
මී පැණි තේ හැඳි 1යි
මේ දේවල් හොඳින් මිශ්‍ර කරලා මුහුණේ සහ බෙල්ලේ අලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

දත් වල අව පැහැය ඉවත් කිරීමට.

දත් වල ඇති අව පැහැය ඉවත් කර ගැනීම සදහා දොඩම් ලෙලි භාවිතා කරන්න පුළුවන්. දොඩම් ලෙල්ලේ ඇතුල් පැත්ත සෙමෙන් විනාඩි 2, 3ක් දත් වල අතුල්ලන්න. ඉන් පසු කට සෝදා හරින්න. එහෙම නැත්තන් දොඩම් ලෙලි කුඩු වලට වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට සකස් කර දත් මදින්න.

බර අඩු කර ගැනීමට හැකිවීම.

ශරීරයේ අනවශ්‍ය මේදය දහනය ඉවත් කරගැනීමට දොඩම් ලෙලි වල ඇති විටමින් c ප්‍රයෝජනවත් වෙනවා. දොඩම් ලෙලි කිහිපයක් වීදුරුවකට දමා විනාඩි 15ක් පමණ තියෙන්නට හැර දොඩම් ලෙලි ඉවත් කරන්න. එයට මී පැණි මේස හැන්දක් එකතු කර දිනපතා පානය කරන්න.

Orange skin against white background

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!