සෙම්ගෙඩි ඉක්මනින් සුව කරගන්න පුළුවන් අත්දුටු බෙහෙත් වට්ටෝරුවක් මෙන්න.

සෙම්ගෙඩි කියන්නේ ලොකු කුඩා බොහො දෙනක්ට ඇතිවන රෝගී තත්වයක්. නමුත් වෙලාවකට හැමෝම වගේ කරන්නේ ලොකු මුදලක් වියදම් කරලා බටහිර වෛද්‍යවරයෙකු සොයා යාම. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ සෙම් ගෙඩි ඉතාම පහසුවෙන් සුවකළ හැකි ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම කර ගත හැකි බව. මේ සදහා කිසිදු වියදමක් වැය නොවන අතර බටහිර ඖෂධ වල මෙන් අතුරු විපාකද ඇති වන්නේ නැ. මේ තිබන්නේ එම පහසු ප්‍රතිකාරය කිහිපයක්

සෙම් ගෙඩි සුව කරන බෙහෙත් වතුර.

සෙම් ගෙඩි වැළදෙන්නට පය 24 කට පමණ පෙර අපේ උගුර රිදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේ සිට තමයි අපි කියන මේ ප්‍රතිකාරය කරන්න ඕනේ. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු මද උණුසුම් ජලය සමග දියකර උගුර සෝදා හරින්න. මෙය පැය 4 න් 4 ට සෙම් ගෙඩි සුව වන තුරු සිදු කරගන්න ඕනේ. මෙමගින් උගුරේ බැක්ටීරියා අසාධන විනාශ කරලා පැය කිහිපයක් තුල ඔබට විශාල සහනයක් ලබා දෙනවා.

Loading...

සෙම්ගෙඩි සුව කරන කළුදුරු බෙහෙත.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුරු හෝ කළුදුරු ග්රෑම් 80
පිරිසිදු පානිය ජලය( පෙරණයකින් පිරිසිදු කර ගත් ) මිලි ලීටර් 250
විස්කි මේස හැඳි 1

සාදා ගන්නා ආකාරය.

මුලින්ම මුට්ටියක් අරන් එයට වතුර මිලිලීටර් 200ක් එකතු කර ගන්න. වතුරට සුදුරු හෝ කළුදුරු ග‍්‍රෑම් 80 දමා හොදින් නටවා ගන්න.වතුර හොදින් නටන කොට ඔබට පෙනේවි මිශ‍්‍රණය ඝන හා කළු පැහැයකට හුරු පාටකට හරි ඇති බව. දැන් මේ මිශ‍්‍රනය පෙරා ගෙන අර ඉතුරු වතුර මිලි ලීටර් 50 එකතු කර ගෙන නැවත වරක් හොදින් නටවා ගන්න. පසුව විස්කි මේස හැන්ද එක් කර ගන්න.

රෝගී තත්වයකදී මේ බෙහෙත සැම විනාඩි 30 කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න. පැය 2ක් බොනකොට ඔබට ලොකු සහනයක් දැනේවි. පැය 4ක් සම්පුර්ණ වන විට සියලූ රෝග ලක්ෂණ පහ වී සෙම් ගෙඩි දියවී යාවි.

සෙම් ගෙඩි සුව කරන ආලේපන.

මී ගසේ අරටුව මී පැණියෙන් අඹරා දිනපතා උදේ සවස සෙම් ගෙඩි වැළදී ඇති ප්‍රදේශයේ ආලේප කරන්න.
වැලමි, තිප්පිලි, වියළි ඉඟුරු, සහිඳ ලුණු, සමව ගෙන මී පැණියෙන් අඹරා සෙම්ගෙඩි වල දිනපතා උදේ සවස ආලේප කරන්න
සර්ව විෂාදී තෛලය. අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම්ගෙඩි වල දිනපතා ආලේප කරන්න.
ඉහත සඳහන් කල සර්ව විෂාදී තෛලය පමණක් පිටතින් ආලේප කර බුලත් කොළයක් පොල්තෙල් පහනකට අල්වා රත්කර තැවීමද ගුණ දායකයි .

සෙම් ගෙඩි සුව කරන පානයක් ලෙස.

නිල් කටරොඩු මුල්, මුරුංගා පොතු සිවිය හා නික මුල් සමානව ගෙන , තම්බා , මී පැණි මිශ්‍රකර, දිනපතා උදේ සවස , අඬු කෝප්ප භාගය බැගින් පානය කරන්න.

සෙම් ගෙඩි නිවැරදි ප්‍රතිකාර මඟින් ඉතා පහසුවෙන් සුවකළ හැකි රෝගයක්. නමුත් එය නොසලකා හැරීම හේතුවෙන් තවත් භයානක රෝග රැසක් ඇති වීමට හේතු වනවා. ඒ නිසා ඔබට සෙම්ගෙඩි එක් වරකට වඩා වැළඳී ඇත්නම් හෝ නිතර නිතර වැළඳෙන්නේ නම් සුදුසු වෙදමහතෙකු හමු වී ප්‍රතිකාර ගැනීම තමයි වඩාත්ම සුදුසු දේ වන්නේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!