දෙහි පලුවක් ඇද අසලින් තබන්න සිදුවන දෙයින් ඔබ පුදුමයට පත් වේවි

දෙහි කියන්නේ අපේ සිරුරේ අලංකාරය සඳහා වගේම සෞඛ්‍යය රැක ගැනීම සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් පුදුමාකාර පලතුරක්. මේ වෙද්දී විද්‍යාව ආශ‍්‍රිතවත් දෙහි සතු පුදුමාකාර ගුණය ගැන විශේෂ අවධානයක් ලැබිලා තියෙනවා. මේක කිව්වම නම් සමහරු හිතයි මේවා ගල් යුගයේ කට්ටියට හොඳ කතා කියලා. හැබැයි ඒ වගේ අයට කියන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා.
ඉතින් ඒ කාරණා දෙකෙන් කැමති දෙයක් සැලකිල්ලට අරගෙන මේ දේ කරලා බලන්න. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඕවා විශ්වාස නොකරන අය ගොඩක් දෙනෙක් නම දාගෙන ඉන්නේ උපන් නැකත අනුව, ඉගෙන ගන්න යද්දී සුර දානවා, විවාහ වෙද්දී පොරොන්දම් බලනවා. ගෙදර හදන්නේ වාස්තු බලලා, ගෙදරට යද්දී ශාන්තියක් එහෙම කරනවා, වාහනයක් ගත්තම දෙහි කපනවා, ළමයි ලැබෙන්න පූජා තියනවා, හැම දෙයක්ම නැකත් බලලා කරනවා. තව වැඳුම් පිදුම් කරලා ප‍්‍රාර්ථනා එහෙම කරනවා. බැලූවාම ඒවත් නොකර හිටියා නම් හරි නේද?

ගුප්ත විද්‍යාවට අනුව දෙහි වලට පුළුවන් කම තියෙනවා අපිට නරක බලපෑම් ඇති කරන සෘණාත්මක ශක්තීන් අපෙන් දුරස් කරන්න. මේ සෘණාත්මක ශක්තීන්ට පුළුවන් අප ජීවත් වෙන තැන පරිසරයේ තියෙන සතුටුදායක බව නැති කරලා, අපේ සිතිවිලි අවුල් කරලා අපේ ජීවිතයට නරකක් එකතු කරන්න. මෙයින් ආර්ථිකය පිරිහිලා, කරන කිසිම දෙයක් හරි නොයන, සිත් තැවුලෙන් නිතරම ඉන්න තත්වයට පත් වීමත් සිදු වෙනවා. අපි ඉන්න ගෙදර වුනත් මේ වගේ අනවශ්‍ය සෘණාත්මක ශක්තීන් තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කර ගන්න මේ කියන විදිහෙන් ඉඩක් ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන්නේ දෙහි ගෙඩි සහ බොහොම පහසුවෙන් සොයා ගත හැකි දේවල් විතරයි. කළ හැකි දේවල් කිහිපයක්ම තියෙනවා.

දෙහි ලෙලි යෙදූ ජලය කාමරය ඇතුළත උතුරවන තුරු රත් කර ගන්න.

Loading...

මේ දෙහි මිශ‍්‍ර ජලය උතුරලා පිට වෙන වාෂ්පය නිසා ඔබේ කාමරයේ විෂබීජ එහෙමත් විනාශ වෙලා නරක ශක්තීන් හා තරංග ඔබේ කාමරයෙන් ඉවත් වෙලා යාවි.

ටිකක් විශාල ටෙි‍්‍ර එකක් අරගෙන සුදු පැහැ හාල් ඒ මත තුනීව අතුරන්න.

දැන් ඒකෙ හරි මැදින් කලින් විදිහටම කපපු දෙහි ගෙඩියක් තියන්න. ඒ වටේට දිශා 8ට තවත් දෙහි ගෙඩි 8ක් තියන්න. මේක ඔබේ නිවසේ ඉහල තැනකින් තියන්න. ධනය ලැබෙන ක‍්‍රම අලූතෙන් පහල වෙන්න මෙය බලපානවා.

කපපු දෙහි ගෙඩි තුනක් තමන් වැඩ කරන තැන මේස ලාච්චුවේ තියා ගන්න.

එයින් වැඩ කරන තැන අය ඔබ සමග තියෙන නොහොඳ කම්, කැපිලි වගේ දේවල් අඩු කර ගන්න පුළුවන්.

දෙහි මිශ‍්‍ර වතුර ගේ වටා ඉහින එක.

විශේෂයෙන්ම ගෙදර මුළු හතරට ඉසින්න. එයින් ඔබේ නිවසේ තියෙන නරක බලපෑම් පලවා හරින්න හොඳ ක‍්‍රමයක්.

ටිකක් විශාල බාජනයක් අරගෙන සුදු පැහැ හාල් ඒ මත තුනීව අතුරන්න.

දැන් ඒකෙ හරි මැදින් කලින් විදිහටම කපපු දෙහි ගෙඩියක් තියන්න. ඒ වටේට දිශා 8ට තවත් දෙහි ගෙඩි 8ක් තියන්න. මේක ඔබේ නිවසේ ඉහල තැනකින් තියන්න. ධනය ලැබෙන ක‍්‍රම අලූතෙන් පහල වෙන්න මෙය බලපානවා.

වීදුරු බදුනක අඩිය සුදු හාල් වලින් අතුරලා ඒ මත දෙහි ගෙඩි තුනක් තියන්න.

මේක ඔබ නිදාගන්න තැනින් තියන්න. මෙයින් ගෙදර අඩ දබර අඩු වෙනවා වගේම ආදරයත් වැඩි දියුණු වෙනවා. තමන්ට මොකක් හරි ලොකු හිතේ වේදනාවක් තියනවා නම් රෑට නිදා ගන්න කලින් වීදුරු පිගානක් උඩ ලූණු කුඩු තුනීව අතුරලා ඒකෙ හරි මැදින් හතරට කපපු දෙහි ගෙඩියක් තියන්න. මේක ඇඳ යටින් තියලා නින්දට යන්න. උදේ නැගිටලා මේක අතින් අල්ලන්නේ නැතිව කුණු එකට දාන්න. මේ විදිහට දවස් තුනක් කරාම ඒ ප‍්‍රශ්නයෙන් යම් සැනසීමක් ගන්න පුළුවන්.

සරලම දේ තමයි නිදා ගන්න තැන මේ දෙහි ගෙඩි තුන තියා ගන්න එක.

ඇඳ ළග මේසයක් වගේ තැනක. පිරිසිදු භාජනයක් තියලා රූපයේ විදිහට හතරට කපලා උඩ අතට දෙහි ගෙඩි තුන තියන්න. කහ – කළු වෙද්දී ඒ ටික ඉවත් කරලා අලූත් තුනක් තියන්න.

. කොහොම වුනත් කලින් කිව්වා වගේ විද්‍යාත්මකව පිලි ගන්න පුළුවන් ටික ගැන හිතලා හරි මේක කළොත් ඔබට ලොකු ප‍්‍රයෝජනයක් ලැබේවි. (විෂ බීජ නැති වෙන එක, සුවඳක් හමන එක වගේ) මහා විශාල වියදමක් යන්නෙත් නෑ, නරකක් වෙන්නෙත් නැහැනේ නේද? ඉතින් යාළුවන්ට එහෙමත් Share කරලා දැනුවත් කරන්න.

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!