මේකප් නැතුව ලස්සනට ඉන්න මෙන්න නියම රහස් 10ක්

මේ වන විට කෘතීම රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයට අද බොහෝ කාන්තාවන් විශාල ප්‍රමාණයක් නැඹුරුවී තිබෙනවා. ඒවගේම අද කාන්තා උදවිය makeup සදහා දවසින් වැඩි කාලයකුත් නාස්ති කරනවා වගේම අදික මුදලක්ද වැයකරනවා . නමුත් මෙවන් කෘතීම රූපලාවන්‍ය නිෂ්පාදිත භාවිතා නොකර රුව වඩවා ගන්නට සිදුකළ හැකි ක්‍රියාවන් දහයක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ

දත් සුදු පැහැ කරා ගැනීමට.

සුදුවන් දත් දෙපලකට වඩා ඔබේ ආකර්ෂණීය පෙනුම වර්ධනය කරන වෙනත් යමක් නැති තරම්. දත් සුදු පැහැ කර දෙන දන්තාලේපයක් භාවිතා කරන්න. විශේෂයෙන් කෝපි හෝ වයින් වැනි පානයක් පානය කළ පසු මෙවන් දන්තාලේපයක් භාවිතා කරන්න. ඔබේ දත් ස්වභාවිකවම කහ පැහැයක් ගන්නවා නම් දන්ත වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂාවක් සිදු කර ගන්න.

තොල් වල ඇති ස්වාභාවික පැහැය වර්ධනය කර ගැනීමට.

පෝෂණය, තෙතමනය සහ මැරුණු සෛල ඉවත් කිරීම අපේ සමට මෙන්ම දෙතොල් වලටත් අවශ්‍ය වනවා. දෙතොල් මත ආලේප කරන බාම් වර්ගයකට ආදේශකයක් ලෙස ඔලිව් තෙල් හෝ වෙනයම් ස්වභාවික තෙල් වර්ගයක් භාවිතා කර සතියකට වරක් මෘදු දත්බුරුසුවක් හෝ ඔබේ ඇඟිලි තුඩ භාවිතා කර දෙතොල් සම්භාහනය කරන්න. ඉන් පසුව සීනි කැට කිහිපයක් දෙතොල් මත අලවාගෙන අවශ්‍ය වන තෙතමනය ලබාගන්න.

ඇස් වල පෙනුම වර්ධනය කරගැනීමට .

ඇස් යට කළු පැහැවී නම් ඒවා ඉවත් කරගැනීම සදහා . මෙය ඔබේ ආහාර රටාවේ යම් වෙනසක් ඇතිකිරීම මගින් සිදුකර ගන්නට පුළුවන්. අඳුරු පැහැ කැළැල් ඇතිවීමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ ශරීරයේ යකඩ සහ විටමින් B ඌනතාවයයි. මේ සඳහා ස්වභාවික සත්කාරයක් ලෙස මින්ට් හෝ හරිත තේ සමග ශීත ජලයෙන් තැවීම ඔබට නිවසේදීම පහසුවෙන් සිදු කර ගත හැකියි.

හිසකෙස් පිළිබඳ සැලකිලිමත් වන්න.

හිසකෙස් වර්ණක සහ කොණ්ඩා මෝස්‌තර makeup නොදමන මුහුණකට කිසිම ලෙසකට අවශ්‍ය වෙන්නේ නෑ. ඔබේ කොණ්ඩය හැඩ අකර ගැනීමට සරල කොණ්ඩා මෝස්තරයක් සමග ස්වභාවික වර්ණක භාවිතා කරන්න එවිට ඔබේ මුහුණේ ස්වභාවික පෙනුම වර්ධනය කරගන්නට පුළුවන්. ඔබේ පැලුණු හිසකෙස් අගිස් මසකට වරක් වත් කපා ඉවත් කරන්න. හිසකෙස් වල දීප්තිය වර්ධනය කරගැනීමට පොල් තෙල් ඔබේ හිසකෙස් වල ආලේප කරන්න. එමගින් හිසකෙස් වියළීම, හිස්හොරි ඇතිවීම වැනි ගැටළු සාර්ථකව විසඳා ගන්නට පුළුවන්. ඒවගේම රත් කළ ස්වභාවික තෙල් වර්ගයකින් ඔබේ හිසකෙස් දිනපතා සම්බාහනය කරන්න .

හිරු කිරණින් ආරක්‍ෂාව සලසා ගන්න

පාරජම්බුල කිරණ ශරීරයට වැඩි වශයෙන් පතිතවීම නිසා අකලට සමේ රැලි වැටීම වැනි වයස් ගත වීමේදී ඇතිවන විවිධ අප්‍රසන්න ලක්‍ෂණ මතුවනවා. එමගින් චර්ම පිළිකා ඇතිවීම පවා සිදුවන්නට පුළුවන්. ඔබ දිවා කාලයේදී වැඩි වශයෙන් එළිමහනේ ඇවිදින කෙනෙක් නම් SPF අඩංගු වන බාම් වර්ගයක් හෝ වෙනයම් නිෂ්පාදිතයක් භාවිතා කර සමට ආරක්ෂාව සලසා ගන්න

සමට රැකවරණය ලබා දෙන්න.

දිනකට දෙවරක් පමණක් මුහුණ සේදීම ප්‍රමාණවත් වන බවයි බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් විශ්වාස කරනු ලබන්නේ. තවද මුහුණ සේදීම රාත්‍රී නින්දට යාමට පෙර පමණක් සිදුකරනවා නම් තමයි ඉතාමත් සුදුසු වන්නේ. ඔබට උදෑසන කාලයේදී මුහුණ සේදීමට cleansing milk එකක් , ලෝෂන් හෝ අයිස් කැටයක් භාවිතා කරන්නට පුළුවන්. ඊළඟ වැදගත් කරුණ තමයි මුහුණ සෝදන විට තදින් මුහුණ ඇතිල්ලීමෙන් වැළකීම. සතියකට වතාවක් මුහුණේ යම්කිසි ස්වාභාවික ආලේපනයක් ගල්වන්න. ඔබේ සම එතරම්ම සංවේදී සමක් නොවේ නම් ඔබට පුළුවන් ෆේස් ස්ක්‍රබ් එකක් භාවිතා කර මුහුණේ මැරුණු සම පහසුවෙන් ඉවත් කර ගන්න

ප්‍රමාණවත් පරිදි නින්ද ලබාගන්න.

දිනකට පැය 7 ත් 9 ත් අතර දිගු නින්දකට හුරු වීම මගින් ශරීර සෞඛ්‍යය වර්ධනය කරගෙන සමේ තත්වයත් රැකගන්නට පුළුවන්. රාත්‍රී 11 වන විටවත් නින්දට යන්න. මධ්‍යම රාත්‍රියෙන් පසුව ශරීරය විසින් නිපදවනු ලබන ශරීරය හැඩකරවන ප්‍රධාන හෝමෝනයක් වන මෙලටෝනින් නිෂ්පාදනය කරනු ලබනවා. ඒවගේම ඔබ නිදා ගනිද්දී උඩු අතට නිදා ගන්න. එමගින් මුහුණේ රැලි වැටීම අවම කරගෙන තරුණ පෙනුම කාලාන්තරයක් යන තුරු රැකගන්නට පුළුවන් වෙනවා

ඔබේ කෑම වේල පිළිබඳව නැවත සැලකිල්ලක් දක්වන්න.

අපි ලබාගන්නා ආහාර අනුව තමයි අපේ පෙනුම නිර්මාණය වෙන්නේ. මත්ස්‍ය තෙල්, එළවළු තෙල්, ඇට වර්ග වැනි ආහාර දෛනිකව ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. මේවා තුල රුව වඩවන්නට උදවු වන මේද අම්ල, විටමින් E සහ කැරෝටින් අන්තර්ගත වනවා. කිරි නිෂ්පාදිතත් ඔබේ ආහාර වේලට එක්කර ගත්තොත් හැමදාම මේකප් නැතුවම ලස්සනට ඉන්න පුළුවන්

ඇහි බැමේ පෙනුම ගැන සැලකිලිමත් වන්න.

Makeup එකක් නැතිව මුහුණ හැඩ කරගන්න නම් ඇහි බැමි ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වනවා. ඔබේ මුහුණේ හැඩයට සරිලන ලෙස ඇහි බැමි හැඩ කර ගන්න. ඔබට අවශ්‍යම නම් ඇහි බෑමේ වර්ණය කළු හෝ වෙනත් පැහැයකට වෙනස් කරගන්නත් පුළුවන්. ඔබ වර්ණයක් භාවිතා කිරීමේදී ඔබේ හිසකෙස් වලට සමාන වර්ණයක් භාවිතා කරන්න. ඔබේ ඇහි බැමි ඝනව වර්ධනය නොවෙනවා නම් එඬරු තෙල් සහ විටමින් A මිශ්‍ර කර දිනපතා ඇහි බැමි වල ආලේප කරන්න. සතියක පමණ කාලයක් ගත වෙද්දී ඇහි බැමි වල පැහැදිලි වෙනසක් දැකගන්නට ලැබේවි.

ඔබට සරිලන වර්ණය තෝරා ගන්න.

ඔබට සරිලන වර්ණය නිසිලෙස තෝරා ගැනීම මගිනුත් ඔබේ ආකර්ෂණය වර්ධනය කරගන්නට පුළුවන්. ඔබ නිතරම අඳුරු වර්ණ සහ සුදු වර්ණ පමණක් තෝරා ගන්නවා නම් එය එතරම් සුදුසු වන්නේ නෑ. ඔබ එක් තද වර්ණයකින් යුත් ඇඳුම් තෝරා ගන්න. උදාහරණයක් ලෙස නිල්, ලා නිල්, තද කොළ තැඹිලි යන වර්ණයන් කාන්තාවකගේ ආකර්ෂණය වඩවනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!