කාන්තාවන්ගේ ඇහි බැමෙන් කියවෙන ජිවන රහස් කිහිපයක් මෙන්න.

දේහ ලක්ෂණ විද්‍යාවෙන් ශරිරයේ ඇති අංග අනුව එකිනෙකාගේ ජීවිතය ගැන පැවසිය හැකි බව ඔබ දන්නවා ඇති. ඒ ආකාරයෙන් කාන්තාවකගේ ඇහි බැමේ ඇති හැඩය අනුවත් ඔවුන්ගේ ජීවන රහස් පිළිබඳව හෙළි කරගන්න පුළුවන්. කෙසේ නමුත් ඔබගේ ඇහි බැමි රූපලාවණ්‍යගාර වෙත ගොස් කෘතීමව සකසා ගත් හැඩ අනුව මෙම අනාවැකි නිවැරදි නොවන බවත් සැලකිය යුතුයි .

. ඇහි බැමි දිගු රෝම සහිත වී නම් ඇය බොහෝ විට අලසය. දුක් මහන්සි වන අන්දමේ රැකියාවන්හි නිරත් වීමට සිදු වේ. විවාහය පමා වේ. ගිහි ගෙය ගිනිගෙයක් වීමට පවා ඉඩ තිබේ.

. ඇහි බැම වටකුරුව පිහිටියේ නම් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදා වේ. අන් අයගෙන් කිසිදු උදව් උපකාරයක් නොලබන, තනිව කටයුතු කිරීමට ද, ජීවිතයේ ප්‍රෂ්ණ වලට මුහුණ දීමට ද සිදු වන චරිතයක් වේ. එහෙත් තනිව නැගී සිට ජීවිතය ගොඩ නගා ගන්නට ඇය සමත් වේ. යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කිරීමට ඇය වාසනාවන්තය.

. ක්‍රමානුකූල ලෙස ද අලංකාරවත් ලෙසද නොවැඩුණු රෝමයන් සහිත බැමි සඟලකින් යුතු කාන්තාව අදූරදර්ශී වූ, ඉක්මන් තීරණයනට එළඹෙන්නා වූ කාන්තාවක් වේ. ජීවිතය බොහෝ විට අවුල් කර ගනීම සිදු වෙයි. අන්‍යයන් සමඟ මෙවැනි කාන්තාවන්ට හොඳ හිත පවත්වා ගැනීම අසීරු වෙයි. යුග දිවියද සාර්ථක වන්නේ නැහැ. හැම දෙයක්ම අවුල් වේ. ස්වාමියාගේ සැකයට පවා භාජනය වේ.

. කාන්තාවකගේ ඇහි බැමි තද කාල වර්ණයෙන් යුක්ත මෘදුව පිහිටියේ නම් ඇය නොඅඩුව සැප සම්පත් විඳින්නියක් වන අතර . අතිශයින්ම දක්ෂ වූ, ඤාණවන්ත ඇය කරුනාවත් දයාවත් උපතින්ම දායාද කොට ගත් තැනැත්තියක් වේ. ඉතා සාර්ථක විවාහ ජීවිතයකට උරුම කම් කියන ඇය මහා පෞරුෂයකින් හෙබි පුරුෂයෙකු සමඟ විවාහ වන්නීය. සැමියාගේද, දරුවන්ගේද ආදරය නොවඩුව ලබන්නීය.

. කාන්තාවකගේ ඇහි බැමි සඟල එකට එක් වී රෝම පිහිටියේ නම් ඇය රාගාධික වේ. කෝපයෙන් යුතු වේ. කිසිවෙකුටත් ඇය කීකරු කිරීමට අපහසුය. හිතුවක්කාරයි. සැප සම්පත් හිමි වුනත් මෙවන් ස්ත්‍රීන් බොහෝ විට තම විවාහ ජීවිතය කඩාකප්පල් කර ගනී.

. ඇහි බැමි දෙක අතර විශාල පරතරයක් පවතින්නේ නම් ඇය ඉවසීමේ ගුණයෙන් යුතු කරුණාවන්ත කාන්තාවක් වෙයි. පොදු සේවාවන් වලදී ඇය බෙහෙවින් ඇප කැප වන්නීය. සමාජශීලී අදහස වලින් යුක්ත වේ. විවාහ ජීවිතය උසස් අන්දමින් පවත්වාගෙන යාමටද කීර්තිමත් ජීවිතයක් ගත කිරීමටද ඇයට භාග්‍ය උදා වේ.

 


You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!