කව්රුත් පුදුම කරමින් ලංකාවට ආපූ මිලියන 160 ක මෝටර් රථය මෙන්න.

ශ්‍රී ලංකාවේ කව්රුත් දන්නා ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වනවා .

මේ බව අනාවරණය කරමින් Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්යෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවයි.

Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථය බවයි වාර්තා වන්නේ. මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

Loading...

එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වීම විශේෂයක්. Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වන අතර. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!