පොල් අහාරයට ගැනීමෙන් ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි ගැන ඔබ දැන සිටියාද

ශ්‍රී ලාංකික ආහාර රටාව තුළ පොල් වලට හිමි වන්නේ විශේෂ ස්‌ථානයක්. පොල් තෙල්, පොල් කිරි සහ ගාන ලද පොල් යනාදී විවිධ ආකාර වලින් පොල් අප ආහාර වේලට අපි එකතු කරගන්නවා. ඇත්තෙන්ම බොහෝ නිවෙස් වල පොල් වලින් තොර වූ ආහාර වේලක්‌ නොමැති තරම්. මේ නිසා අපි පොල් වල ඇති පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය ගැන දැනුවත් විය යුතුයි. මෑත කාලයේ දි සිදු කරන විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් ද පොල් ආහාරයක්‌ ලෙසින් මෙන්ම ඖෂධයක්‌ ලෙස ද ඉතා ප්‍රයෝජනවත් වගේම වටිනා ආහාරයක් බවට අනාවරණය වෙලා තියෙනවා.

පොල් වලට ආවේණික වූ රසය එයට ලැබිලා තියෙන්නේ එහි අඩංගු වෙන මේදය නිසා. පොල්තෙල් වල 90% ක්‌ පමණ මේදය අඩංගු වන අතර, ගාන ලද පොල් වල 34% ක්ද පොල් කිරි වල 54% ක්ද මේදය අඩංගු වෙනවා . මෙම මේදයේ විශේෂත්වය වන්නේ , එය ප්‍රධාන වශයෙන් සංතෘප්ත හා මධ්‍ය දාම මේද අම්ල (Saturated and Medium chain fatty Acids) වලින් සෑදී තිබීමයි.

මේ අතරින් පොල් වල ලෝරික්‌ අම්ලයද (C12) වැඩි වශයෙන් අඩංගු වෙනවා. අනෙකුත් එළවළු තෙල් වර්ග වල , අඩංගු වන මේදයේ වැඩි වශයෙන් තියෙන්නේ , අසංතෘප්ත හා දිග දාම මේද අම්ල (Polyunsaturated and long chain fatty acids). පොල්තෙල් හා අනෙකුත් එළවළු තෙල් වර්ග වලට වඩා සෞඛ්‍යආරක්ෂිත වන්නේ මෙන්න මේ දේ නිසයි

Loading...

පොල් හා පොල්තෙල් භාවිතය රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩි කරන බවත් එමගින් හෘදයාබාධවලට හේතු කාරක වන බවටත් සමහරු අතර මතයක්‌ පවතිනවා. මෙහි කිසිදු සත්‍යතාවක්‌ ඇති බවට විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නම් තාම තහවුරු වෙලා නෑ. පොල් හා පොල් තෙල් පාරිබෝජනය මගින් අප ශරීරය තුල හිතකර කොලෙස්‌ටරෝල් මට්ටම වැඩි කරන අතර එමගින් හදවත් ආශ්‍රිත රෝග වැළදීමේ අවධානම අඩු කරනවා.

පොල් ආහාර පිසීම සදහා වැඩි වශයෙන් භාවිතා කරන රටවල මිනිසුන්ට , අනෙක් රටවලට සාපේක්ෂව, හදවත ආශ්‍රිත රෝග වැළදීමේ අඩු අවධානමක් තිබෙන බවත් දැන් තහවුරු කර ගෙන තිබෙනවා. හැබැයි මොන දේ උනත් පමණට වඩා භාවිතය සෞඛ්‍ය ආරක්‍ෂිත වෙන්නේ නෑ කියන කාරණයත් මෙත් එකක්ම හොදින් මතක තබා ගන්න

පොල් වල අඩංගු සංතෘප්ත මේදය නිසා පොල්තෙල් වලට ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාවක්‌ තියෙනවා. මේ නිසා ආහාර පිළියෙල කිරීමේදී ආහාර බැද ගැනීම සඳහා පොල්තෙල් ඉතාමත්ම සුදුසුයි. අනෙකුත් එළවළු තෙල් වල අසංතෘප්ත මේදය බහුලනිසා ඉහළ උෂ්ණත්වවලදී ඒවායේ විවිධ රසායනික වෙනස්‌කම් ඇති වෙලා අහිතකර අතුරුඵල හෙවත් ඇල්ඩිහයිඩ් නිර්මාණය කරනවා.

මේවා ශරීරයට විෂ සහිත ඉතාමත්ම අහිතකර දේවල්. මේ නිසා විවිධ රෝග තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම එළවළු තෙල් වර්ග ආහාර නැවත නැවත බැදීම සඳහා යොදා ගැනීම ඉතාමත්ම නුසුදුසු ක්‍රියාවක්.

පොල් සහ පොල්තෙල් ප්‍රති ඔක්‌සිකාරක ගුණයෙන් ඉහළයි. මිනිස්නි ශරීරය තුල රන්තරයෙන් ඔක්‌සිකාරක ක්‍රියාවලි සිදු වෙනවා. මෙහිදී නිර්මාණය වෙන ඔක්‌සිකාරක ශරීරයට අහිතකරයි. මෙවන් ඔක්‌සිකාරක උදාසීන කිරීම සඳහා ප්‍රති – ඔක්‌සිකාරක අවශ්‍ය වන අතර පොල් කියන්නේ මේ කාර්ය සදහා ඉහලම ප්‍රති – ඔක්‌සිකාරක ගුණයක් තියෙන ආහාරයක්.

මෑත කාලයේදී රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය සදහා පොල්වලට ඇති ඉල්ලුම ඉහළ ගිහින් තියෙනවා. මෙහෙම වෙන්න හේතුව ලෙස බලපාලා තියෙන්නෙත් පොල්වල ඇති අති විශිෂ්ට ප්‍රති – ඔක්‌සිකාරක ගුණය. සම රැලි වැටීම , දුර්වර්ණ වීම ආදිය ඔක්‌සිකාරක හේතුවෙන් නිසා තමයි මෙවැනි තත්වයක් සිදු වෙන්නේ. මෙවා වළක්වා ගැනීම සදහා පොල්වල ඇති ප්‍රති ඔක්‌සිකාරක ගුණය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා

පොල් අනුභවය මගින් ශරීරයේ තරබාරුකම අඩු කර ගන්න පුළුවන් . පොල් වල ඇති මධ්‍ය දාම මේදය , ශරීරය තුළ පරිවෘත්තීය ((metabolic)) ක්‍රියාවලියන් උත්තේජනය ශරීරය තුළ මේදය තැන්පත් වීම අඩු කරනවා. පොල් වල ඇති මේදය , ශරීරය තුළදී ශක්‌ති ජනකයක්‌ ලෙස ක්‍රියා කිරීම නිසා කාලයක්‌ තිස්‌සේ පොල් ආහාරයට ගන්නා අයගේ තරබාරුකම අඩු කිරීමට හේතු වෙනවා . ශ්‍රී ලාංකික ජන සමාජයේ වැඩි වශයෙන් පොල් ආහාරයට ගන්නේ ගැමි ජනතාවයි. ඔවුන් අතර තරබාරුකම ඉතා පහළ මට්‌ටමක පැවත්ම මෙයට හොදම නිදසුනක්. ඒ විටරක් නොව. පොල් යනු හොද විෂබීජ නාශකයක්. එහි අඩංගු ලෝරික්‌ අම්ලය සහ එමගින් ඇති වන මොනොලොරින් නමැති සංඝටකයට , බැක්‌ටීරියා හා වෛරස නාශක ගුණයක් ඇති බව සොයා ගෙන තිබෙනවා.

පොල් වතුර සඳහා අද බටහිර රටවලින් විශාල ඉල්ලුමක්‌ පවතිනවා . පොල් වතුර කියන්නේ ජලය, සීනි, ලවණ වර්ග සහ ප්‍රති ඔක්‌සිකාරක නියමිත ප්‍රමාණවලින් අඩංගු මිශ්‍රණයක්. ක්‍රීඩා කටයුතු වලදී විජලනය පාලනය කිරීම සඳහා සියලු ශක්ති ජනක පාන පරාජය කරන සොබා දහමේ අපුර්වතම පානයක්‌ ලෙසද පොල් වතුර හදුන්වා දෙන්නට පුළුවන්. මේ අනුව පොල් යනු පෝෂණ ගුණයෙන් හා ඖෂධ ගුණයෙන් අනූන වූ සොබා දහමෙන් අප ලද අනර්ඝ දායාදයක් බව පැවසිය යුතුය.

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!