රතු අල ආහාරයට ගත්තොත් මෙන්න මේ රෝග සියල්ල සුව කරගන්න පුළුවන්

බොහෝ එළවළු අතරින් වඩාත් වැදගත්කමක් හිමි වන රතු පැහැති බවෙන් වඩාත් දිදුලන රතු අල ඊට උචිතම නාමය වේ. එහි තිබෙන රතු පැහැ බව නිසාම බොහෝ ගෘහනියෝ තරමක් අකැමැත්තක් මෙම එළවළුවට පළකළ ද මනා ගුණාත්මක බවෙන් සපිරි එළවළුවකි. Beet vulgaris යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රතුඅල යුරෝපීය රටවලත්, දකුණු ආසියාවේ විවිධ රටවලත්, ශ්‍රී ලංකාවේත් බොහොම අපූරුවට වැවේ.

ලංකාවේ වැලිමඩ, බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවල සරුවට වැඩෙන මේ රතු අල. ව්‍යාංඡනයක් ලෙස මෙන්ම උත්සව අවස්ථාවන්හිදී කෑම මේසය සුන්දර කිරීම සඳහාත්, එළවළු සලාදයකට රතුඅල නිසාත් ලැබෙන්නේ අපූරු පෙනුමකි.

රතුඅලවල ගුණ

Loading...

* කම්මැලිකම අලසකම දියුණු කරයි.

* ඔබත් මලබද්ධය නිසා පීඩා විඳින්නෙක් ද? රතුඅල ආහාරයට ගැනීමෙන් සහනයක් අත්වේ.

* තුවාල සුව කිරීමේ අපූරු ගුණයක් රතුඅල එළවළුවෙහි ඇත.

* අජීර්ණයන්ට ගුණදායක බවක් රතුඅලවල ඇත.

* හෘද රෝග වැළැක්වීමට රතුඅල හේතුවන බවක් ඔබ දැන සිටියේද?

* ශරීරයෙහි යම් විෂ කොටසක් ඇත්නම් රතුඅල ආහාරයට ගැනී මෙන් ඒ විෂ ද නැති වී යයි.

* ශරීරයේ ඇති ධමනිවල ප්‍රතිශක්තිය වැඩි කිරීමට රතුඅලවලට ඇත්තේ පුදුම හැකියාවකි.

* අධි රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාවක් රතුඅලවල ඇතිබව සොයාගෙන ඇති සත්‍යයකි.

* නීරක්තතාවයෙන් පෙළෙන අයට අපූරුය.

* අක්මාව ආරක්‍ෂා කිරීම නිසා ඔබට නිරෝගී සෞඛ්‍යයක් හිමිවේ.

* වකුගඩු රෝගයන්ගෙන් ඔබව ආරක්‍ෂා කරයි.

* ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් කිරීම නිසා ඒ නිසා ඇතිවන ගැටලුවලින් පීඩා විඳීමට ඔබට සිදු නොවේ.

* අධික තරබාරු බව ඔබට කරදරයක් ද? එසේ නම් නොපමාව රතුඅල ආහාරයට ගන්න.

* ගර්භිණී සමයෙහි ආහාරයට ගැනීම සඳහා සුදුසු එළවළුවකි.

* ප්‍රදාහ නාශක ගුණයක් රතුඅලවල ඇත.

* රුධිරය නිපදවීමේ ශක්තියක් තිබෙන නිසාම නිරතුරුව ඔබගේ ආහාර වේලට රතුඅල එකතු කර ගැනීම වඩාත් යහපත්ය.

* ආමාශයේ හා බඩවැල්වල ඇතිවිය හැකි තුවාල සුව කිරීමේ ඖෂධීය ගුණයක් මෙහි ඇත.

* හිස්කබලෙහි ඇතිවන හිස්හොරිවලට කදිම පිළිතුරකි.

* සෙංගමාලය රෝග තත්ත්වයෙන් ඔබව ආරක්‍ෂා කරයි.

* ආහාර විෂවීම නැතිකිරීම නිසා යහපත් සෞඛ්‍යයකට උරු මකම් කීමට ඔබට පුළුවන.

* පිළිකා රෝගීන්ට අපූරු විසඳුමක් රතුඅල නිසා හිමිවේ. ඒ පිළිකා සෛල වැඩීම නැති කරනා රසායනික ද්‍රව්‍යයක් මේ එළවළුවෙහි අන්තර්ගත වීමය.

* වමනයට ගුණදායක නිසා එවන් අවස්ථාවලදී රතුඅල කෑමට ඔබ බියවිය යුතු නොවේ.

* අතීසාරය රෝගයට වඩාත් ගුණදායකය.

* දෙපාවල නහර ගැටගැසීම වැළැක්වීමට ක්‍රියා කරයි.

* අස්ථි ශක්තිමත් කරයි.

* ශක්තිමත් දත් දෙපලක රහස රැඳී ඇත්තේ රතු අලෙහිය.

* විටමින් ‘සී’ බහුලව ඇත.

* රතුඅලවල ඇති රසායනිකයක් නිසා මුත්‍රා ගල් සෑදීමට ඇති ඉඩකඩ වැඩිය.

* රතුඅල වැඩිපුර කෑම නිසා නිදිමත ගතිය වැඩිපුර දැනේ.

* සිතෙහි නොසන්සුන්කම වැඩිවේ.

* උණ රෝගයෙන් පෙළෙන අයට කෑමට ගැනීමට කදිම එළවළුවකි.

* ශරීරයෙහි අපහසුතා ඇතිකරයි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!