ඔබගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කරගන්න ක්‍රමයන් මෙන්න

ෆේස්බුක් ගිණුමක් හැක් කිරීම හෙවත් වෙනත් කෙනෙකුගේ අතට පත්වීම කියන්නේ එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද කෙනෙකුගේ පුද්ගලිකත්වය සහ චරිතයට ඒ මඟින් විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. මේ නිසා එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුනොත් ඒ බව දැනගන්නා ආකාරය සහ නැවත එවැන්නක් සිදු නොවීමට වගබලා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වී සිටීම ඉතාම වැදගත්.

1. ෆේස්බුක් ගිණුම හැක් කරලා කියලා කොහොමද දැනගන්නේ?

2. ගිණුමේ අඩංගු ඔබේ පුද්ගලික තොරතුරු වෙනස් කර තිබීම

Loading...

3. ඔබ විසින් Share නොකරන ලද හෝ පළ නොකරන ලද පෝස්ට් ඔබේ වෝල් එක මත පෙන්වීම.

4. ඔබ නොදැනුවත්ව ඔබේ මිතුරන්ට මනිවුද යවා තිබීම සහ නොදන්නා පුද්ගලයින්ට Friend Request යොමු කර තිබීම.

5. ඔබ විසින් Play නොකරන ලද විවිධ Game සඳහා අදාල Notification ලැබී තිබීම.

ඉහත සඳහන් කල ආකාරයේ ලක්ෂණ ඔබේ ෆේස්බුක් ගිණුම තුල පෙන්වයි නම් එයින් අදහස් වෙන්නේ ඔබේ ගිණුම වෙනත් කෙනෙකුගේ අතට පත් වී ඇති බවයි. එවැනි අවස්ථාවකදී ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබේ ගිණුමට ලොග් වී ඇති Devices පරීක්ෂා කරන්න

ඔබේ ගිණුමට පිවිසීම සඳහා භාවිතා කරන ලද සෑම Device එකක්ම ෆේස්බුක් විසින් සටහන් කරගනු ලබන අතර ලොග් වුනු වෙලාව, ස්ථානය සහ එම Device එකේ භාවිතා වන OS එක කුමක්ද යන්න පිළිබඳවත් බොහෝදුරට එහි සටහන් වී තිබෙනවා. මෙම තොරතුරු දැනගැනීම සඳහා (පරිගණකයකින් ලොග් වෙන්නේනම්) දකුණු පස ඉහල ඇති ඊතලයක ආකාරයේ අයිකනය ක්ලික් කර Settings > Security and Login යන මෙනු වලට ගිය විට Where you’re logged in ලෙස පහත සඳහන් ආකාරයේ දත්ත සටහනක් ඔබට පෙන්වනු ඇත.

(ඔබ ජංගම දුරකථනය භාවිතා කර ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්නේනම් දකුණු පස ඉහලින් ඇති හරස් ඉරි තුන මත ක්ලික් කර Account Settings > Security Login හරහා මෙම තොරතුරු පරීක්ෂා කල හැකිය.)

වෙනත් කිසිවෙකු විසින් ගිණුමට ලොග් වී ඇත්නම්?

‘Where you’re logged in’ ලැයිස්තුවේ ලොග් වී ඇති Devices වලට ඉදිරියේ (දකුණු පස) සිරස් අතට ඇති තිත් තුනක් සහිත අයිකනය මත ක්ලික් කර ලොග් වී ඇත්තේ ඔබ නොවන බව සනාථ කිරීමට සහ එම Device එකෙන් ඔබේ ගිණුම Logout කිරීමටත් හැකියාවක් ඇත. එහි ඇති ‘Not you?’ යන විධානය හරහා ඔබේ ගිණුමේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ගැනීමටද හැකියාව ඇත.

එවැනි දේ නැවත සිදු නොවීම සඳහා කුමක් කළ යුතුද?

1. හැඳුනුම්පත් අංකය, උපන් දිනය, ජංගම දුරකථන අංකය වැනි අනුමාන කල හැකි මුරපද යෙදීම වෙනුවට කැපිටල් අකුරු, සිම්පල් අකුරු සහ ඉලක්කම් මාරුවෙන් මාරුවට යොදන ලද ශක්තිමත් මුරපදයක් භාවිතා කරන්න.

2. ඔබ ජංගම දුරකථනය භාවිතා කොට ෆේස්බුක් ගිණුමට ලොග් වන්නේනම් සැමවිටම ඔබේ දුරකතනයට ලොක් එකක් දමා තබන්න.

3. ෆේස්බුක් වෙබ් අඩවිය මඟින් ලබා දී ඇති ආරක්ෂක උපක්‍රම වලින් උපරිම ප්‍රයෝජන ගෙන වෙනත් කෙනෙකුට ලොග් විය නොහැකි ලෙස ඔබේ ගිණුමෙහි ආරක්ෂාව තහවුරු කරන්න. (ඉහතදී පිවිසුණු Security and Login පිටුවේ තවත් ආරක්ෂක ක්‍රම බොහොමයක් ලබා දී ඇත.)

4. ෆේස්බුක් ගිණුමක සඳහා භාවිතා කර ඇති ඊමේල් ගිණුමට ශක්තිමත් මුරපදයක් යොදා එය ආරක්ෂිතව තබන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!