එදිනෙදා භාවිතා කරන භාන්ඩ වලින් ගත හැකි ඔබ නොදන්නා ප්‍රයෝජන 10ක් මෙන්න

01.ෂර්ට් එක පිටිපස්සේ තියෙන ලූප් එක.

ඔයත් මේක දිහා බලලා හිතන්න ඇති මේක ඇත්තටම මොකටද තියෙන්නේ කියලා. හරියටම හේතුව කියන්න බැරි වුනත් මේකට හේතූ තුනක් හඳුනාගෙන තියෙනවා.

මුල්ම හේතුව විදියට සලකන්නේ ෂර්ට් එක ඇන්දට පස්සේ රැක් එකේ එල්ලන්න මෙය භාවිතා කරනවා කියලයි. ඒත් එහෙම එල්ලුවම ෂර්ට් එක ටිකක් පොඩිවෙන නිසා ගොඩක් අය මේ ක්‍රමය එතරම් භාවිතා කරන්නේ නෑ.

දෙවෙනි හේතුව තමයි මේක අපිට පාවිච්චි කරන්න පුළුවං අපි පාටිවලට අඳින බෝ ටයි එක ( bow tie ) ලස්සනට තියාගන්න. ලූප් එක ඇතුලෙන් බෝ ටයි එක දාලා ලස්සනට ඒක ඇඳගත්තම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට විනෝද වෙන්න පුළුවන්

අනිත් හේතුව වෙන්නේ ඉස්සර ඇමරිකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමන් ගැහැණු ළමයෙක් එක්ක ඇවිදින්න යනවා කියන එක සංකේතවත් කරන්න ෂර්ට් එක පිටිපස්සේ මේ ලූප් එක කපලා තියෙනවා. ඒ වගේම ගැහුණු ළමයි තමන් තවදුරටත් තනිකඩ නෑ කියලා කියන්න විශ්වවිද්‍යාල ලාංඡනය ගහපු ස්කාෆ් එකක් පැලඳලා තියෙනවා.

02.ලැප්ටොප් පවර් කේබල් එකේ තියෙන සිලින්ඩරාකාර කෑල්ල.

ලැප්ටොප් එක charger එකට සම්බන්ධ කරන වෙලාවට ඔබ අනෙක වාරයක් මේ සිලින්ඩරාකාර කොටස දැක ඇති. මේ කොටස හඳුන්වන්නේ ෆෙරට් බීඩ් (ferret bead) කියලා. සංඛ්‍යාතය අධික ශබ්ද තරංග ලැප් එකේ විද්‍යුත් පරිපථ තුලට නිකුත් කරන්න මේ කොටසින් හැකියාව තිබෙනවා. ෆෙරයිට් ( ferrite) කියන යකඩ අඩංගු සංයෝගයකින් නිර්මාණය කරපු කොටස් දෙකකින් මෙය නිර්මාණය කර තියෙනවා.

03.ගුවන් යානා වීදුරුවල තියෙන පුංචි සිදුර.

ඔයත් ගුවන් ගමන් ගිහින් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ජනේල වල තියෙන මේ පුංචි සිදුර දැක ඇති. මේක වැදගත් වෙන්නේ ඇයි…?? ගුවන් යානාවල වීදුරු ගත්තාම ඒවා හදලා තියෙන්නේ වීදුරු සහ ප්ලාස්ටික් කියන අමුද්‍රව්‍ය දෙකම ස්තර විදිහට යොදා ගෙනයි. සාමාන්‍යයෙන් ගුවන් යානය ඇතුලත පීඩනය හා යානයෙන් එලියේ පීඩනය අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ හේතුව නිසා ගුවන්යානා වීදුරු වල මේ වගේ පුංචි සිදුරක් යොදලා තියෙනවා. එසේ නොතිබුනා නම් පීඩන වෙනස නිසා ජනෙල් බිදෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි. ඒ වගේ දෙයක් නිසා දරුණු අනතුරු සිදු වෙන්න හැකියාවක් තියෙනවා. එවැනි අනතුරු වලින් අපිව ගලවගන්න මෙන්න මේ පුංචි සිදුරට වැදගත් වෙනවා.

04. මකන කෑල්ලේ නිල්පාට පැත්ත.

පොඩි කාලේ ඔයාටත් තියෙන්න ඇති මේ වගේ මකන කෑල්ලක්. ඔයත් හිතුවේ රතුපාට පැත්ත තියෙන්නේ පැන්සල් ඉරි මකන්නයි, නිල්පාට පැත්ත තියෙන්නෙ පෑන් ඉරි මකන්න කියලා නේද…???

ඇත්තටම සමහර පැන්සල් වලින් ලියන දේවල් මකන කෑල්ලේ රතුපාට පැත්තෙන් මැකුවට හරියට මැකෙන්නේ නැහැ. ඒ වෙලාවට භාවිතා කරන්න තමයි නිෂ්පාදකයන් නිල්පාට කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් පස්සෙ කාලෙකදි එයාලා තේරුම් ගත්තා මිනිස්සු මේක පටලවගෙන ඉන්නේ කියලා. ඉතිං එයාලා කරේ මිනිස්සු හිතං හිටපු විදිහ වෙනස් කරන්නේ නැතුව එයාලා මකනේ නිල්පාට පැත්ත පෑන් ඉරි මකන්න පුළුවන් තත්ත්වයට පත් කරපු එක.

05.සපත්තුවල තියෙන අමතර ලේස් හිල්.

ඔයත් දැකලා ඇති ඔයාගෙත් සපත්තුවල කෙලවරේම තියෙන අමතර ලේස් හිල් දෙක. ඔයා හිතුවෙත් ඒක තියෙන්නේ විලාසිතාවට කියලද ? ඒත් ඇත්තටම මේ දෙක තියෙන්නේ අපි ඇවිදිනකොට දුවනකොට වළලුකර පෙරලෙන්නේ නැතිවෙන්න සපත්තු දෙක හොඳින් කකුලට සවිවෙලා තියන්න. ඒ වගේම විවිධ ක්‍රීඩා ඉසව් වලදීත් ආබාධ සිදුවීම අවම කරගන්න මේක උදව් වෙනවා.

06.ස්පෙගටි හැඳිවල මැද තියෙන සිදුර.

ස්පෙගටි කාලා නැති කෙනෙක්නම් නැතුවම ඇති. ඉතිං ඔයත් දැකලා ඇති ස්පෙගටි බෙදාගන්න තියෙන හැන්දේ මැද ලොකු සිදුරක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක තියෙන්නේ ස්පෙගටි බෙදාගන්නකොට වතුර ආයෙම භාජනයට වැටිලා ස්පෙගටි විතරක් වෙනකරලා බෙදාගන්න කියලා. ඒත් ඇත්තටම මේක භාවිතා කරන්නේ එක පිලිගැන්වීමකට අවශ්‍ය ස්පැගටි ප්‍රමාණය පිලිබඳ අපිට අවබෝධයක් ලබාගන්න

07.ඩෙනිම් කලිසමේ සාක්කුව ඇතුලේ තියෙන පුංචි පොකට් එක.

මේක නම් අපිට නිතර දකින්න ලැබෙන දෙයක්. මේක විලාසිතාවට එහෙම නැත්නම් මාරු කාසි දාන්න අපිට භාවිතා කරන්නවා වෙන්න පුළුවන්. නමුත් ඇත්ත හේතුව වෙන හේතුවක්.

1873 දි මුලින්ම Levis නාමය යටතේ නිර්මාණය වුනු ඩෙනිම් වල තමා මේ විදිහේ සාක්කු ඇතුලත් වුනේ. ඒ කාලේ සාක්කු ඔරලෝසු සෑහෙන තරම් ජනප්‍රිය වෙලා තිබුනා. සාක්කු ඔරලෝසුව දාගෙන යන්න තමයි මේ පුංචි සාක්කුව ඩෙනිම් වලට හඳුන්වා දී තිබුනේ. අද වෙනකොට සාක්කු ඔරලෝසු බහුලව භාවිතා නොවුනත් පුංචි සාක්කුව නම් විලාසිතාවක් විදිහට තාමත් ඉතුරු වෙලා තියෙනවා.

08.අලුත් ඇඳුම් එක්ක දෙන පුංචි සාම්පල් පැකට් එක.

සමහර වෙලාවට අපිට ඇඳුම් ගත්තාම ඒ ඇඳුමත් එක්ක පොඩි පැකට් එකක් දෙනවා. බොත්තම් දෙකක් එක්ක ඇඳුම මහලා තියෙන රෙදි කැබැල්ලෙම පුංචි කොටසක් බොහෝදුරට මෙහි අඩංගු වෙලා තියෙනවා. මේක වැදගත් වෙන්නේ බොත්තමක් ගැලවුනාම එහෙම නැත්නම් ඇඳුමට පොඩ්ඩක් හානියක් වුනු වෙලාවට කියලා ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා

විවිධාකාර සබන්කුඩු වර්ග හා වතුර හින්දා ඇඳුමට වෙන බලපෑම බලන්න තමයි මේ කොටස නිෂ්පාදකයෝ ඇඳුමත් එක්ක ගැනුම්කරුට ලබා දෙන්නේ. මුල්ම වතාවට ඇදුම සෝදන්න කලින් මේ පැකට් එකේ තියෙන දේවල් සෝදලා බැලුවොත් පාට යන්නෙ නැතිවෙන්න හානි නොවෙන්නේ ඇදුම සෝදලා කල් තියාගන්න පුළුවන් වේවි

09. පෑන් ක්ලිප් එකේ උඩම තියෙන සිදුර.

අපි පොඩිකාලේ විසිල් පිඹින්න එහෙම ගන්න මේ පුංචි සිදුරේ වටිනාකම කියලා නිමකරන්න බැරි තරම්. මේ සිදුර නිර්මාණය කරලා තියෙන්නේ අපිට වැරදීමකින් හරි ක්ලිප් එක ගිලුනොත් ඒක හිංදා අපේ ස්වාසනාලය අවහිර වෙලා අපිට හුස්මගන්න බැරිවෙන එක වලක්වන්න. මේ සිදුර පිහිටීම නිසා අපිට මේක ගිලුනත් ඒ සිදුර හරහා වාත හුවමාරුව සිදුකරගෙන ප්‍රතිකාර කරනකම් ජීවත්වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

10. ඩෙනිම් කලිසම් සාක්කුවල එන කුඩා අයිලට් බොත්තම්.

ඩෙනිම් කලිසම් අඳින ඕන කෙනෙක් දන්නවා ඉස්සරහා සාක්කුව දෙපැත්තේ තියෙන පුංචි අයිලට් දෙක. මේක තියෙන්නේ මොකටද කියලා නිකමටවත් හිතුනේ නැද්ද? ඇත්තටම කලිසමක උඩ හරිය කියන්නේ සෑහෙන ඇදෙන කොටසක්. ඉතිං ඒ විදිහට ඇදිලා කලිසම ඉරෙන එකෙන් වලක්වන්න තමයි නිෂ්පාදකයෝ මේ විදිහට කුඩා අයිලට් බොත්තම් දෙකක් අල්ලලා තියෙන්නේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!