වාහනේ ඇතුලේ තියෙන ප්ලාස්ටික් වතුර බෝතල් වලින් වතුර බොන්න එපා අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන දැනගන්න

වාහන පදවන රියදුරුන් හා වාහන වල නිතර නිතර ගමන් කරන මගියන් පුරුද්දක් විදියට කරන වැඩක් තමයි වාහනේ දාලා තියෙන වතුර බෝතල් වලින් තම තිබහ සංසිදුව ගන්න එක. නමුත් මෙම ක්‍රියාව ඔබේ සෞඛ්‍ය බරපතල ලෙස අනතුරේ හෙලන දෙයක් බව ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් සාධක සහිතව සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

සැහැල්ලු බව හා හැසිරවීමේ පහසුව ගොඩක් මිනිසුන් වාහාන ඇතුලේ වතුර පුරවලා තියන්න යොදා ගන්නේ ප්ලාස්ටික් වතුර බොතල් වලනේ. ඒ වගේම මේ වතුර බෝතල් ගොඩක් වෙලාවට රදවලා තියෙන්නේ ෂිට් යට හෝ වාහනයේ එන්ජිමට ආසන්නයෙන්. මෙහිදි අපි නොදන්න සිටියට ප්ලාස්ටික් වතුර බෝතල් වලට බයංක දෙයක් සිදු වෙනවා . ඒ තමයි අධික උෂ්ණත්වයකට නිරාවරණය වීම. එවිට වතුර බෝතලේ ඇතුල් බිත්තියෙන් රාසයනික ද්‍රව්‍ය කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒවා ජලයත් සමග මිශ්‍ර වෙලා පානය කරාම අපිට බයානක දෙයකට මුහුණ පාන්න වෙනවා මේ දේ එක පාරට වෙන දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ ඒ කියන්නේ අඩුම ගානේ සති දෙකක් තිස්සේ වතුර බෝතලයක් උෂ්ණත්වයට නිරාවරණය උනොත් තමයි මෙහම සිදු වෙන්නේ . එත් තිබහ හැදුනම ගොඩක් අය වතුර බෝතලේ කොයිතරම් පරණද කියලා නම් හොයලා බලන්නෙ නෑ.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!